Wednesday, September 24, 2014

මුතු කරාබුව පැළඳි යුවතිය

කතෘ : Tracy Chevalier
පරිවර්තනය :ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද
ප්‍රකාශනය : විජේසූරිය  ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු -
380/=


ලොව පුරා පාඨකයින් ගේ ඉමහත් ප්‍රසාදය දිනා ගනිමින් , රටවල් 35 භාෂාවන්ට පරිවර්තනය වූ මෙම
"Girl With A Pearl Earring" කතාව දහහත් වනි සියවස මැද භාගයේ, නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසු ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් වර්මීස් ගේ(1632 ඔක්තෝම්බර් 31 - 1975 දෙසැම්බර් 15 ) චරිතය ඇසුරු කර ගෙන ලියවුණු අතිශය මනරම් වූත් , ගුප්ත වූත් , විටෙක දරාගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුතු ප්‍රබන්ධ කතාවකි. වර්මීස් විසින් නිර්මාණය කරන ලද මාහැඟි සිතුවම් අතර ඇති මුතු කරාබුවක් පැළඳි නිර්නාමික යුවතිය ගේ සිතුවම මෙ නවකතාවට පාදක වෙයි.
සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පවුලට තිබූ එකම ආදායම් මාර්ගය අහිමි වීම නිසා දහසය හැවිරිදි ග්‍රීට් ට , වර්මීස් ගේ නිවෙස් සේවයට යන්නට සිදුවෙයි. කලාත්මක දෑසක් හිමි ග්‍රීට් අහම්බෙන් ඔහුගේ අත් උදව්කාරිය බවට පත්වන අතර , ඇය වර්ණ සහ ආලෝකය පිරුණු වර්මීස් ගේ ලෝකයට වඩාත් සමීප වෙයි.



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...