Showing posts with label සෝමවීර සේනානායක. Show all posts
Showing posts with label සෝමවීර සේනානායක. Show all posts

Sunday, September 28, 2014

යශෝරාවය

කතුවරයා:   සෝමවීර සේනානායක
ප්‍රකාශනය:  දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල:            රු. 250.00 (හයවැනි මුද්‍රණය 2011)
ISBN:       978-955-551-930-4
පිටකවරය: දී. ග. සෝමපාල
පිටු:            182

ප්‍රස්ථාවනාවෙන්:
'යශෝරාවය' නවකතාවට විෂය වන්නේ නාගරික මධ්‍යම පැලැන්තියේ ජීවිතයයි.....
මෙහි එන බොහෝ චරිත අපට එදිනෙදා ජීවිතයේ හමුවන අපේ සිනාවටත් දයාවටත් පත් විය යුතු චරිත ය. එබඳු සමූහයක ගේ ඇවතුම් පැවතුම් දක්වනු සඳහා යෝග්‍ය ශෛලිය ලෙස මා දකින්නේ හාස්‍ය හා උපහාසය මිශ්‍ර ශෛලියකි......
නාගරික මධ්‍යම පැලැන්තියක ඇත්තෝ අතිශයින් ඛේදවාචි දිවි පෙවෙතක් ගෙන යති. ඉහළම පැලැන්තියට ඇතුළු වීමට වරප්‍රසාද නැති මොවුහු පහළ පැලැන්තියට ඇතුළු වීමට අකමැත්තෙන් සිටිති. මේ නිසා ඔවුන් ගේ සිතුම් පැතුම් හා ගති පැවතුම් තුළ ඇත්තේ සෝබර සානුකම්පිත විලාශයකි. මේ ඛේදවාචකයෙන් ගැලවීමට පැලැන්තිය වෙනස් කිරීමක් අවශ්‍ය නො වේ. මිනිසුන් මානසික වශයෙන් සරුසාර වීම ය අවශ්‍ය. මේ බව යශෝරාවයේදී හඟවනු ලබන්නේ බලදේව නමැති පුද්ගලයා විසිනි......(ප්‍රස්ථාවනාව, යශෝරාවය, සෝමවීර සේනානායක)

පොතේ පිටු අතරින්:
"හිටින්ඩ මහත්තය මං එනකං" කී යහෝනිස් සාක්කුවට අත දමා කාසි ගනිමින් මිදුලට බැස නො පෙනී ගියේ ය. මොහොතකින් ඔහු ආපසු ආවේ ඔරේන්ජ් බාර්ලි බෝතලයක් රැගෙන ය.

ඉස්තෝප්පුවෙන් ම ගෙට ඇතුළු වූ ඔහු බෝතලය සුවිමාලිට දුන්නේ "හොඳ වෙලාවට අද උදේ ටොනික් වෑන් එක ඇවිත් තිබුණ" කියමිනි.

මොවුන් කොයි තරම් අව්‍යාජ දැයි බලදේව කල්පනා කළේ ය. මේ කාරිය ම තම ගෙදර සිද්ධ වන්නේ කොතරම් ව්‍යාජ ලෙස ද? අමුත්තෙකු එන සැණින් ම තාත්තා කරන්නේ ප්‍රිජ් එකේ ප්ලග් එක ගැසීමයි. එවිට එය හඬ නගා ක්‍රියා කරයි. ඉක්බිතිව තාත්තා සරම මාරුකොට සෙරෙප්පු පය ලා ගෙන කුස්සිය පැත්තෙන් කඩේ දුවයි.

ඔරේන්ජ් බාර්ලි බෝතලය බෑගයක සඟවා ගෙන කුස්සිය පැත්තෙන් ගෙට රිංගයි. අම්මා එය බන්දේසියක තබා ගෙන අමුත්තා වෙත ගෙන එයි. එවිට අම්මා හෝ තාත්තා මෙසේ ද කියනු අසන්නට ලැබේ.

"බෝතලේ කූල් මදි. කරන්ට් නැතුව තිබිල දැනුයි ආවෙ" (පි.105, යශෝරාවය, සෝමවීර සේනානායක)

පොත ගැන:
1978 වර්ශයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ නවකතාව
ශාස්ත්‍රපති උපාධි නිබන්ධනයක් වශයෙන් පිළිගැනුණු ප්‍රථම සිංහල නවකතාව
ටෙලි නාට්‍යයක් බවට පත් ප්‍රථම සිංහල නවකතාව




 

බලදේවගේ ලෝකය ('යශෝරාවය' නවකතාවේ දෙවැනි කොටස )

කතුවරයා: සෝමවීර සේනානායක
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල:           රු. 250.00 (තෙවන මුද්‍රණය 2009)
ISBN:      955-551-021-0
පිටකවරය: දී. ග. සෝමපාල
පිටු:            151

'පොත ගැන:
යශෝරාවය' නවකතාවේ දෙවැනි කොටස වන මෙය 'වීරසේකර' පවුලේ දූ පුතුන් අරගලයට මුහුණ දෙන ආකාරය තව දුරටත් අප හමුවට ගෙන එයි.


 
Related Posts Plugin for WordPress, Blogger...