| කතෘ | : එදිරිවීර සරච්චන්ද්ර |
| පරිවර්තනය | : |
| ප්රකාශනය | : සරච්චන්ද්ර ප්රකාශන |
| මිල | : රු. 180.00 |
| ISBN | : 978 - 955 - 8508 -09 - 1 |
| පිටු | : 128 |
Showing posts with label සිංහල නවකතා. Show all posts
Showing posts with label සිංහල නවකතා. Show all posts
Wednesday, February 22, 2023
මලගිය ඇත්තෝ
Sunday, November 9, 2014
දිගා මඬුලු ගුරු ගීතය
| කතුවරයා: ගුණශීල අඹවත්ත
ප්රකාශනය: කර්තෘ ප්රකාශනයකි මිල: රු. 380.00 (තෙවන මුද්රණය - 2011) ISBN: 978-955-52806-0-0 පිටු: 256 පිටකවරය: ශාන්ත කේ. හේරත් පොත ගැන: අවහිරතා, අභියෝග මැද පාසලක් සාදා රජයට පවරා දෙමින් ගුරු සේවයට පිවිසි ගුණශීල අඹවත්ත මහතාගේ ගුරු ජීවිතයේ එක් යුගයක් අළලා ඔහු විසින් ලියන ලද මෙම ග්රන්ථය ඔහු ගුරු සේවයේදී මුහුණ දුන් සත්ය සිදුවීම් වලින් සමන්විතය. අවුරුදු විස්සක තරම් ලාබාල වියේදී ගම්පොළ, නාවලපිටිය ආශ්රිත ගම්මානයක පාසලක් සාදා රජයට පවරා දුන් කාලයේත්, එයින් රජයේ ගුරු පත්වීමක් ලබා පළමුව සේවයට වාර්තා කළ දිගාමඬුල්ල ප්රදේශයේ පාසලේ අභිවෘද්ධියට කටයුතු කළ කාලයේත් රසවත් සිද්ධි දාමයක් මෙහි ඇතුළත් වේ. පසු වදනින් (අත්තනායක එම්. හේරත් මහතාගෙන්): ගුණශීල අඹවත්ත මහතා ලියූ දිගාමඬුලු ගුරුගීතය කියනවන තෙක් ම, මා කියැවූ ගුරුවරයෙකු පිළිබඳව ලියැවුණු හොඳ ම පොත වූයේ, රුසියන් මහා ගත්කරු චින්ගීස් අයිත්මාතව් ලියූ ගුරුගීතයයි. මාගේ පමණක් නොව හැත්තෑව දශකයේ පටන් මෙරට බොහෝ පාඨකයින්ගේ වීරයා වූයේ, සදාදරණීය ගුරුවරයා වන දුයිෂෙන් සහ ආදරණීය ශිෂ්යාව වන අල්තීනායී ය. සෑම ගුරුවරයෙකුට ම රජයේ වියදමින් මුද්රණය කොට බෙදා දියයුතු මා හැඟි කෘතියක් ලෙස මෙය නම්කරන්නට පුළුවන. |
|
Monday, October 27, 2014
සෙංකොට්ටං / Senkottan
| කතෘ | : මහින්ද ප්රසාද් මස්ඉබුල |
| පරිවර්තනය | : |
| ප්රකාශනය | : කතෘ ප්රකාශන |
| මිල | : රු -300/= |
| ISBN # | : 9789550980000 |
| පිටු | : |
."උඹට කියන්න,අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ,වංසා රිදී කියල.කුණුහරුප කියවනවා කටේ නොගෑවී .මගෙ ඔන්න ඔය එක පලහිලව්වකදී මගෙ ලගින්ම ඉඳගෙන මෙන්න මේ මං උඹගේ හිත හදන්නවගේ ම මයේ හිත හදන්න හරි හරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වගේ ම මතකෙ තියනවා...ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕනෑ විගඩමක් නැටුවට කමක් නැත්තේ ය හැබැයි ඔය පිරිමි ජාතිය මහා අමුතු ජාතියක් අත නිකං තියා ගෙන ඉන්න උන්ට කිසිම පුරුද්දක් නැත, අන්න ඒ හින්ද උඹ ලග තියෙන ඔය හක්ගෙඩි දෙකයි ,පංචා බෙල්ලයි විතරක් උන්ගේ නොහොබිනාකන් වලට පරිහරණය කරන්න දෙන්න එපා ය කියලා...බලපන් රත්තරනේ,එක මොනතරන් මසුරන් වටිනා කතාවක් ද කියල. ඕනෑම ළමිසියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව මොන තරම් වටිනවද කියල.. "
Thursday, October 16, 2014
මළවුන්ගේ අවුරුදුදා
| කතෘ | : එදිරිවීර සරච්චන්ද්ර |
| පරිවර්තනය | : |
| ප්රකාශනය | : එස්. ගොඩගේ සහ සහෝදරයෝ |
| මිල | : රු. 200.00 |
| ISBN | : 955 - 20 - 2159 - 6 |
| පිටු | : 136 |
මෙවර පිටපත් වන්නට පෙර තක්සිය ගාවට මා ඇරලවන්නට යැයි මම ඔහුට නොකිවෙමි. මම දිරි ගෙන හුන්නෙමි. ඔහු යන තෙක්, මෙවර ඔහු පෙරලා නැවත එන බව මම සැක නැතිවම දනිමි. මා ඔහු ඇරලූයේ නකජිම සොහොනටය. මගේ පරම්පරාවේ සොහොනටය. ඉන් ඔබ්බෙහිම පියාණොත්, ඥාතිහුත් වෙසෙති. ඔහුන්ගේ සහව්යතාවයටය ඔහු යන්නේ. කවදා නමුත් ඔවුන් හා කැටිව ඔහු මෙලොවට එන්නේය.
එතකොට ඔබ නෑ, ඔබ අද විතරයි ඉන්නේ. අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නම ඉන්නවා. හෙට මම විතරයි. හෙටත්, අනිද්දාටත් කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා, කනවා, බොනවා, වැඩට යනවා, කතා බහ කරනවා, මමත් ඒ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි, ඔබ නෑ“?
මම එබදු වියරු බස් නොදෙඩුවෙමි. එබදු බස් දොඩා ඔහු වෙහෙසන්නේ කුමකටද? ඔහු නිසොල්මන්ව සිටියි. සිත දැඩි කරගෙන, අශ්වාස ප්රාශ්වාස පවා නොකර. ඔහුගේ තීරණය අනිවාර්යය. ලෝකයේ ජරා මරණ සේ වෙනස් නොවන නියතතාවයකි ඒ.
,“තව කල් දැම්මත් කවදා හරි යන්න එපායැ? මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්“
ඔහුගේ දෙතොලින් මෙබස් කොඳුරන්නා සේ මට දැනුණි. යළිත් ආ හැකි නිසා නොවෙද ඔහු යන්නේ? නොගියොත් යළිත් ආ නොහැකිය. යාම හොඳය. ගොස් ඊමද හොඳය. ලොවැ ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්න බැරිය. නොගොස් එන්න බැරිය.
දැන් මා පතමින් සිටින්නේ මළවුන්ගේ අවුරුදුදා නොපමාව පැමිණේවා කියාය. මෙවර ඔහු රඳවා ගත නොහැකි නම් මම ද ඔහු කැටුව යන්න සැරසෙන්නෙමි. මළවුන්ගේ අවුරුදු දා මගේ ආසා නුසුන් කොට පැමිණෙන බව මම දනිමි.
ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම
මේ පොතේ අවසානයයි. මේ අවසානය කියවන විට ඇසට කඳුළු නොනගින්නෙක් උගහටය. දුක්ඛාන්ත නවකථාවක් වන මෙය මළගිය ඇත්තෝහි දෙවන කොටසයි. මළගිය ඇත්තෝහි දෙවෙන්දරා සංගේ ප්රේමවන්තිය නෙරිකෝ සංගේ ප්රකාශනයයි. සරච්චන්ද්රයෝ දුක්ඛාන්ත ප්රේම කථාවක් ඉතා ප්රභලා භාෂා භාවිතයක් මගින් සංවේදීව ඉදිරිපත් කර ඇත.
සැබෑ පෙම්වතුන්
කිසි දාක එක් නොවේ
එක් වූ කිසිවෙකුත්
සැබෑ පෙම්වතුන් ලෙස
ජිවත් නොවේ.
වෙන් වී ගියවුන්
සදා කල් පෙම්වතුන් ලෙසම
ජිවත් වේ.
ලූෂන් බුලත්සිංහල 23/04/2007
නෙරිකෝ සං ද මෙලෙස යැයි සිතේ. රස විඳලම බලන්න.
Friday, October 3, 2014
බත්තලංගුණ්ඩුව
| කතෘ | : මංජුල වෙඩිවර්ධන |
| පරිවර්තනය | : |
| ප්රකාශනය | : සම ප්රකාශනය |
| මිල | : රු. 450.00 |
| ISBN | : 978 955 44694 4 0 |
| පිටු | : 280 |
මේ නවකථාව කියවීමෙන් මම විශාල ආස්වාදයක් ලැබුවා. සැබවින්ම අපේ සිංහල නවකථාව ගැන මගේ තියෙන්නේ පුසාදජනක හැගීමක් නොවෙයි. අවුරුදු තිහ හතළිහක කාලයකදී වුනත් විදේශිය නවකථා සමග සංසන්ධනාත්මකව ගත්තොත් උසස් නවකථාවක් සිංහලෙන් ලියවිලා තියනවද කියන ප්රශ්නය මට මතුවෙනවා. එහෙම තත්ත්වයක් තුළ මේ බත්තලංගුණ්ඩුව නවකථෘව කියවන්නට ලැබුනට පස්සේ මට විශාල ආස්වාදයක් ලැබුණා. ඒ වගේම පුද්ගලිකය ඔබ මගේ මැනීම විමසුවොත් මම කියනවා මෑත කාලයදී හොඳම නවකථාව බත්තලංගුණ්ඩුව කියලා
- ජයතිලක කම්මැල්ලවීර -
මංජුල ෙවඩිවර්ධන තමන්ගේ නිර්මාණ ජිවිතයේ පළමු මුරගල කරගන්නේ කවියයි. කවියකු ලෙස සිය ශක්යතා වර්ධනය කරගන්නා හෙතෙම මාධ්යෙව්දියෙකු ලෙස තමන්ගේ අභ්යාස සමය යොදාගන්නේ ව්යුත්පත්තිය වැඩිදියුණු කරගන්නටය. අත්දැකිමෙන්, අත්විඳිමෙන් මෙන්ම විවිධ සංජානන ඇසුරේ මංජුල කලාකරුවකු ලෙස පරිනත වෙයි. බත්තලංගුණ්ඩුව මේ නවකථාව කලාව භාවිතයේ මියුරු මහර්ඝ ඵලයක් බවට පත්වන්නේ ඔහු සාධනය කරගන්නා එකී සම්පත් හේතුවෙනි.
- රත්න ශුී විජේසිංහ -
ලේඛකයෙකුගේ පළමු නවකථාව බත්තලංගුණ්ඩුව තරම් විශිෂ්ඨ නවකථාවක් වන්නේ කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්රථම නවකථාවක් කියවන්නට ලැබීම ඉතා දුර්ලභ දෙයකි.
- ආචාර්ය ලියනගේ අමරකීර්ති -
පොත ගැන මේ ඇත්තෝ මෙහෙම ලියලා තියෙද්දි අහිංසක මම මොනවා කියන්නද? වෙඩිවර්ධනගේ මේ පොත ඉතින් වෙඩි වගේ තමා
Tuesday, September 30, 2014
විල්ලරවාඩිය
කතෘ : හෙන්රි වර්ණකුලසූරිය
ප්රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් (ප්රයිවට්) ලිමිටඩ්
මිල : 475/=
ISBN : 978-955-677-302-6
පිටු : 312
"විල්ලරවාඩිය" නවකතාව වූ කලී, බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්රිස්තියානි නිකායික ආගම් අදහන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනවර්ගවල මෙන්ම විවිධ කුල ග්රෝත්රවලට අයත් ජනයා ජීවත් වන ප්රදේශයක පිහිටි ලාංකික ගම්මානයක්, 1948 දී බ්රිතාන්ය කිරීටයෙන් නාමික නිදහසක් ලබා ගත් අවධියේ සිට වසර විස්සක් දක්වා වූ කාල පරාසයේදී ලංකා සිතියමේ ස්ථාපිත වීම ද ඊට සමගාමීව ලාංකේය සමාජයේ සිදු වූ සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික පෙරළි මෙන්ම හැලහැප්පීම් ද සනිටුහන් කෙරෙන කතා පුවතකි.
කතෝලික ජනතාවක් වැඩි වශයෙන් ජීවත්වන ප්රදේශයක් පාදක කොටගෙන ඔවුන්ගේ චාරිත්ර-වාරිත්ර මෙන්ම සමාජීය ජීවිතය හා චින්තනය පිළිබිඹු කරමින් හා ප්රශ්න කරමින් රචිත "විල්ලරවාඩිය" සිංහල නවකතා ඉතිහාසයේ එවන් ජන ජීවිතයක් ආවරණය කොට ලියැවුණ සුවිශේෂී නවකතාවක් වන්නේය.
පොත ගැන විස්තරය අපිට එවලා තිබුනෙ රුක්ෂිලා වෙත්තමුණි. ඔබට ගොඩක් ස්තුතියි.
පින්තුරය ගත්තෙ මෙතනින්

Sunday, September 28, 2014
යශෝරාවය
කතුවරයා: සෝමවීර සේනානායක
ප්රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල: රු. 250.00 (හයවැනි මුද්රණය 2011)
ISBN: 978-955-551-930-4
පිටකවරය: දී. ග. සෝමපාල
පිටු: 182
ප්රස්ථාවනාවෙන්:
'යශෝරාවය' නවකතාවට විෂය වන්නේ නාගරික මධ්යම පැලැන්තියේ ජීවිතයයි.....
මෙහි එන බොහෝ චරිත අපට එදිනෙදා ජීවිතයේ හමුවන අපේ සිනාවටත් දයාවටත් පත් විය යුතු චරිත ය. එබඳු සමූහයක ගේ ඇවතුම් පැවතුම් දක්වනු සඳහා යෝග්ය ශෛලිය ලෙස මා දකින්නේ හාස්ය හා උපහාසය මිශ්ර ශෛලියකි......
නාගරික මධ්යම පැලැන්තියක ඇත්තෝ අතිශයින් ඛේදවාචි දිවි පෙවෙතක් ගෙන යති. ඉහළම පැලැන්තියට ඇතුළු වීමට වරප්රසාද නැති මොවුහු පහළ පැලැන්තියට ඇතුළු වීමට අකමැත්තෙන් සිටිති. මේ නිසා ඔවුන් ගේ සිතුම් පැතුම් හා ගති පැවතුම් තුළ ඇත්තේ සෝබර සානුකම්පිත විලාශයකි. මේ ඛේදවාචකයෙන් ගැලවීමට පැලැන්තිය වෙනස් කිරීමක් අවශ්ය නො වේ. මිනිසුන් මානසික වශයෙන් සරුසාර වීම ය අවශ්ය. මේ බව යශෝරාවයේදී හඟවනු ලබන්නේ බලදේව නමැති පුද්ගලයා විසිනි......(ප්රස්ථාවනාව, යශෝරාවය, සෝමවීර සේනානායක)
පොතේ පිටු අතරින්:
"හිටින්ඩ මහත්තය මං එනකං" කී යහෝනිස් සාක්කුවට අත දමා කාසි ගනිමින් මිදුලට බැස නො පෙනී ගියේ ය. මොහොතකින් ඔහු ආපසු ආවේ ඔරේන්ජ් බාර්ලි බෝතලයක් රැගෙන ය.
ඉස්තෝප්පුවෙන් ම ගෙට ඇතුළු වූ ඔහු බෝතලය සුවිමාලිට දුන්නේ "හොඳ වෙලාවට අද උදේ ටොනික් වෑන් එක ඇවිත් තිබුණ" කියමිනි.
මොවුන් කොයි තරම් අව්යාජ දැයි බලදේව කල්පනා කළේ ය. මේ කාරිය ම තම ගෙදර සිද්ධ වන්නේ කොතරම් ව්යාජ ලෙස ද? අමුත්තෙකු එන සැණින් ම තාත්තා කරන්නේ ප්රිජ් එකේ ප්ලග් එක ගැසීමයි. එවිට එය හඬ නගා ක්රියා කරයි. ඉක්බිතිව තාත්තා සරම මාරුකොට සෙරෙප්පු පය ලා ගෙන කුස්සිය පැත්තෙන් කඩේ දුවයි.
ඔරේන්ජ් බාර්ලි බෝතලය බෑගයක සඟවා ගෙන කුස්සිය පැත්තෙන් ගෙට රිංගයි. අම්මා එය බන්දේසියක තබා ගෙන අමුත්තා වෙත ගෙන එයි. එවිට අම්මා හෝ තාත්තා මෙසේ ද කියනු අසන්නට ලැබේ.
"බෝතලේ කූල් මදි. කරන්ට් නැතුව තිබිල දැනුයි ආවෙ" (පි.105, යශෝරාවය, සෝමවීර සේනානායක)
පොත ගැන:
1978 වර්ශයේ රාජ්ය සාහිත්ය සම්මාන දිනූ නවකතාව
ශාස්ත්රපති උපාධි නිබන්ධනයක් වශයෙන් පිළිගැනුණු ප්රථම සිංහල නවකතාව
ටෙලි නාට්යයක් බවට පත් ප්රථම සිංහල නවකතාව

සෞම්යාලෝකය
කතුවරිය: සුනේත්රා රාජකරුණානායක
ප්රකාශනය: සරසවි ප්රකාශකයෝ
මිල: රු. 550.00 (දෙවන මුද්රණය 2013 සැප්තැම්බර්)
ISBN: 978-955-573-247-7
පිටු : 452
පසු වදන: සෞම්යාලෝකය සාම, ශාන්ති හා සහජීවන ප්රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බව පෙන්නුම් කරන විසල් දැක්මක පිළිබිඹුවයි. දකුණු ඉන්දියවේ අවස්ථාවදී පටු දේශපාලනයේ විනාශකාරී ගිනි පුලිඟු දෙස බැලිය යුත්තේ දකුණු ඉන්දියානු මනෝ භාවයෙනි. එහෙයින් කතුවරිය දකුණු ඉන්දියාවේ තිරුතංගගිරිය මෙන්ම, වව්නියාව හා අනුරාධපුරය අතර මායිම් ගමක් ලෙස සුධර්මපුරය ද නිර්මාණය කරනුයේ එක හා සමාන මාතෘ සෙනෙහසකිනි.
යුද්ධය මිනිසුන්ගේ ජීවිතවල හැඩය හා වර්ණය පමණක් නොව ඇතැම් විට නම් ගම් ද වෙනස් කළ අයුරු අපි අත් දුටුවෙමු. එහෙත් ඒ නොරිස්සුම් සහගත කෝපාන්විත අනවබෝධයට යටින් ආදර කරුණා ගුණ අංශුවක් හෝ ඉතිරිව තිබිය හැක. එම උතුම් මිනිසත් ගුණ ශේෂය සාම ක්රියාන්විතයේ කඩඉම් දියවරයි. භාෂාව ද, ආගමික දර්ශන ද මිනිසුන්ගේ සිත් බිඳින වියරු ප්රවේග නොව, සෞම්යාලෝකයේ ප්රවේශ දොරටු බවට පත් විය යුතුය. (පසු වදන, සෞම්යාලෝකය, සුනේත්රා රාජකරුණානායක)
පොතේ පිටු අතරින්:
"යුද්ධ දිනන්න පුළුවන්. සාමය දිනන්න බෑ. යුද්ධයකින් දිනන මිනිස්සු ඊළඟට ඉගෙන ගන්න ඕන ඒ ආඩම්බරය පැත්තකින් තියල සාමයට යටත් වෙන්න."
ඩැඩී සීයා කී ඒ කතා එකල මට පෙනුණේ මහළු මිනිසකුගේ පණ්ඩිත කතා ලෙස ය. (පි. 107)

Wednesday, September 17, 2014
රතු ඉද්ද
කතුවරයා: කරුණාදාස සූරියආරච්චි
ප්රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල: රු. 380.00 (ප්රථම මුද්රණය 2011)
ISBN: 978-955-551-907-6
පිටකවරය: දී. ග. සෝමපාල
පසු වදන:
සාමාන්යය තුළ ඈ උමතු ගැහැනියකි. එහෙත් සුවිශේෂත්වය තුළ ඈ ප්රඥාවන්තියකි. සාමාන්යය තුළ සැරිසරන්නන්ට මේ උමතු ගැහැනිය නිතර දෙවේලේ හමුවෙයි. විශේෂත්වයේ සැරිසරන්නෝ ප්රඥාවන්තිය දකිති. එහෙත් විශේෂිතයෝ විරලය හ. එහෙයින් ම ප්රඥාවන්තිය කළ එළි නොබසී. එළි පෙහෙළි ලෝකයක කැලෑව සුවිශේෂ ය. ප්රඥාවන්තිය කැලෑවේ සැඟවී සිටී. කැලෑව එළි කළ විට ද ඇය දැකිය නොහැකිය. මන්ද යත් සුවිශේෂත්වය එළිපෙහෙළි වී සාමාන්යය බවට පත්ව ඇති හෙයිනි.
එහෙත් මෙය උමතු ගැහැනියක් පිළිබඳ කතාවක් නොවේ. සාමාන්ය ගැහැනුන් දෙදෙනෙකු පිළිබඳ කතාවකි. ඔබේ සිත් මානය අනුව ඔවුනට උමතු බව ආරෝපණය වීම හෝ නොවීම සිදුවෙයි. (පසු වදන, රතු ඉද්ද, කරුණාදාස සූරියආරච්චි)
පොත ගැන :
සරසවි සිසු සිසුවියන්, කථිකාචාර්ය, මහාචාර්යවරුන්, එන්. ජී. ඕ., ඇතුළු සමාජයේ එක්පැතිකඩක් .....
පර්යේෂණ, ජාත්යන්තර සමුළු, සම්මන්ත්රණ, මාෆියා??........ මේ අතරින් දුර ගමනක් දුවන්නට සැරසෙන නැගණියක් සහ ඇයට නිහඞව ආරක්ෂාව සලසන සොයුරියක්... ඇය ස්වභාව ධර්මයේ ඇති ස්වභාවිකත්වයේ වටිනාකම හඳුනාගත්, ස්වභාව ධර්මයත් සමඟ මානුෂීය සබඳකම් පවත්වන සුවිශේෂී ගැමි ගැහැනියක්....
ජාත්යන්තර පරිසර සමුළු ගණනාවක කතා කරන්නට වෙර දරන, ස්වභාවිකත්වය රැක ගැනීමේ අගය, සිතට කාවද්දන සිද්ධි දාමයකින් නිර්මිත කතාවක් ......
ස්වභාවිකත්වයට ආදරය කරන්නට.........

Subscribe to:
Posts (Atom)