Showing posts with label කරුණාදාස සූරියආරච්චි. Show all posts
Showing posts with label කරුණාදාස සූරියආරච්චි. Show all posts

Wednesday, September 17, 2014

රතු ඉද්ද

කතුවරයා:    කරුණාදාස සූරියආරච්චි
ප්‍රකාශනය:   දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල:             රු. 380.00 (ප්‍රථම මුද්‍රණය 2011)
ISBN:        978-955-551-907-6
පිටකවරය:   දී. ග. සෝමපාල



පසු වදන:
සාමාන්‍යය තුළ ඈ උමතු ගැහැනියකි. එහෙත් සුවිශේෂත්වය තුළ ඈ ප්‍රඥාවන්තියකි. සාමාන්‍යය තුළ සැරිසරන්නන්ට මේ උමතු ගැහැනිය නිතර දෙවේලේ හමුවෙයි. විශේෂත්වයේ සැරිසරන්නෝ ප්‍රඥාවන්තිය දකිති. එහෙත් විශේෂිතයෝ විරලය හ. එහෙයින් ම ප්‍රඥාවන්තිය කළ එළි නොබසී. එළි පෙහෙළි ලෝකයක කැලෑව සුවිශේෂ ය. ප්‍රඥාවන්තිය කැලෑවේ සැඟවී සිටී. කැලෑව එළි කළ විට ද ඇය දැකිය නොහැකිය. මන්ද යත් සුවිශේෂත්වය එළිපෙහෙළි වී සාමාන්‍යය බවට පත්ව ඇති හෙයිනි.
එහෙත් මෙය උමතු ගැහැනියක් පිළිබඳ කතාවක් නොවේ. සාමාන්‍ය ගැහැනුන් දෙදෙනෙකු පිළිබඳ කතාවකි. ඔබේ සිත් මානය අනුව ඔවුනට උමතු බව ආරෝපණය වීම හෝ නොවීම සිදුවෙයි. (පසු වදන, රතු ඉද්ද, කරුණාදාස සූරියආරච්චි)

පොත ගැන :
සරසවි සිසු සිසුවියන්, කථිකාචාර්ය, මහාචාර්යවරුන්, එන්. ජී. ඕ., ඇතුළු සමාජයේ එක්පැතිකඩක් .....

පර්යේෂණ, ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ, මාෆියා??........ මේ අතරින් දුර ගමනක් දුවන්නට සැරසෙන නැගණියක් සහ ඇයට නිහඞව ආරක්ෂාව සලසන සොයුරියක්... ඇය ස්වභාව ධර්මයේ ඇති ස්වභාවිකත්වයේ වටිනාකම හඳුනාගත්, ස්වභාව ධර්මයත් සමඟ මානුෂීය සබඳකම් පවත්වන සුවිශේෂී ගැමි ගැහැනියක්....

ජාත්‍යන්තර පරිසර සමුළු ගණනාවක කතා කරන්නට වෙර දරන, ස්වභාවිකත්වය රැක ගැනීමේ අගය, සිතට කාවද්දන සිද්ධි දාමයකින් නිර්මිත කතාවක් ......

ස්වභාවිකත්වයට ආදරය කරන්නට.........
 
 
 

Related Posts Plugin for WordPress, Blogger...