Showing posts with label සිංහල පරිවර්තන. Show all posts
Showing posts with label සිංහල පරිවර්තන. Show all posts

Tuesday, November 25, 2014

ඈන් - 1 අරඹෙ ගෙදර ඈන්

Anne of Green Gables
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය  : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල             : රු. 350.00 (දෙවන මුද්‍රණය 2003)
ISBN         : 955-551-236-1
පිටු              : 348
 
කතුවරිය ගැන
 
හාස්‍යොත්පාදක චරිත නිර්මාණය අතින් ශ්‍රෙෂ්ඨ ඉංග්‍රීසි නවකතා කතුවරයකු වූ චාල්ස් ඩිකන්ස්ට බොහෝදුරට සමීප වන ලුසී මෝඩ් මොන්ට්ගොමරි (1874 - 1942) කැනේඩියානු ජාතික ගත් කතුවරියකි. ඇගේ චරිත නිර්මාණයෙහි කැපී පෙනෙන අංගයක් වනුයේ ඉතා සුළු චරිතයක් තුළ වුවද දක්නට ලැබෙන හාස්‍යොත්පාදක ලක්ෂණ ප්‍රබල වාචික චිත්‍රයකට නංවා එය පාඨක සිත් තුළ නොමැකෙන අයුරින් සටහන් කිරීමයි.
විශ්ව විද්‍යාලයීය උපාධියක් ලැබීමෙන් පසු ගුරු වෘත්තියට පිවිසි මොන්ට්ගොමරි කවි හා කෙටි කතා රචනයෙහිද කැපී පෙනෙන කුසලතා දැක්වූ කතුවරියකි. (පෙරවදනින්, ඇන් - 1 : අරඹෙ ගෙදර ඈන්, ප්‍රේමසිරි මාහිංගොඩ) 
 
ඈන් කතා මාලාව ගැන
 
ඈන් කතා මාලාවට පසුබිම් වී ඇත්තේ කතුවරිය උපත ලැබූ එඩ්වර්ඩ් කුමාර දිවයින (Prince Edward Island)
යි. එය කැනඩාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටා ඇත. කතාව ගොඩ නඟා ඇත්තේ ඇය හැදුණු වැඩුණු පරිසරය තුළය. පළමුවෙන්ම 1925 දී ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතියෙන් එකල එහි වූ අධ්‍යාපන ක්‍රමය, සමාජ සංස්ථා, සිරිත්-විරිත්, ආකල්ප හා මුදල් භාවිතය ආදිය නිරූපණය කැරෙයි. 'ඈන්' චරිතය අපට පළමු වරට හමුවනුයේ "ඈන් ඔෆ් ග්‍රීන් ගේබ්ල්ස්" කතාව තුළිනි. ඉක්බිති එම චරිතයේ විවිධ අවස්ථා අලලා තවත් කතා නවයක් කතුවරිය විසින් නිර්මාණය කොට ඇත. (පෙරවදනින්, ඈන් - 1 : අරඹෙ ගෙදර ඈන්, ප්‍රේමසිරි මාහිංගොඩ)
 
පොත ගැන

මා පියන් නොදුටු අනාත දැරියක වූ ඈන්ට නොසිතූ විරූ ලෙස නිවසක් ලැබීමත්, ඇගේ ළමා වියත් අලලා ලියැවුණු මෙම කෘතිය මෙම පොත් පෙළෙහි පළමුවැන්න ය. මනෝ ලෝකයක ජීවත් වීමට දක්ෂ ඈන් බොහෝ ලෙස කතා කරන, සමාජ ආශ්‍රයට ප්‍රිය කරන උද්‍යෝගමත් දැරියකි.
 

     


  
 



 
 
 

ඈන් - 2

Anne of Avonlea
කතුවරිය      : Lucy Maud Montgomery

පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල             : රු. 280.00 (ප්‍රථම මුද්‍රණය  2002)
ISBN         : 955-551-283-3
පිටු             : 271

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි දෙවැනි පොත යි.රැජින ගුරු විදුහලේ පුහුණුවෙන් පසුව ඈන් ගමේ පාසලේ ගුරුවරියක ලෙස කටයුතු කරන කාලයේ සිදුවීම් සහ ඉදිරි ජීවිතය පිළිබඳ ඇය ඇති කරගන්නා බලාපොරොතු ඇතුළත් රසවත් සිදුවීම් පෙළකින් මෙම පොත සමන්විතය.





 
 

Monday, November 24, 2014

ඈන් - 3 සරසවියට ගිය ගමේ කෙල්ල

Anne of the Island
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 260.00 (ප්‍රථම මුද්‍රණය 2009)
ISBN             : 955-551-316-3
පිටු                : 239

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි තෙවැනි පොත යි.
ඈන් රෙඩ්මන්ඩ් සරසවියට ඇතුළු වීමේ වරම් ලැබීමත්, එහිදී හමුවන මිතුරියන් හා ගෙවන සුන්දර නේවාසික ජීවිතයත් මෙම පොතෙහි විස්තර කර ඇත.
ගමේ පාසලේදී එකම පන්තියේ උගත්, ඈන්ගේ සමීපම මිතුරකු වූ, ඇයත් සමගම සරසවි වරම් ලැබූ ගිල්බර්ට් බ්ලයිත් ඇය ඔහුගේ පෙම්වතිය කැරැගැනීමට අපේක්ෂා කළත් ඇය ඔහුගේ ඇසුර පතන්නේ අවංක මිතුරකු ලෙසට විනා පෙම්වතකු ලෙස නොවේ. ඈන් වෙනත් සරසවි සිසුවකු වූ රෝයි පිළිබඳ උනන්දු වෙයි. ඇත්තෙන්ම ඈන් යටි සිතෙන් ආදරය කරන්නේ ඔවුන් දෙදෙනාගෙන් කාටද? ඇගේ මනෝ ලෝකයේ පෙම්වතා සැසඳෙන්නේ කා සමගද? ඇත්තෙන්ම ඇය තෝරා ගන්නේ රෝයි ද? ගිල්බර්ට් ද? (පසුවදන ඇසුරෙන්)
 


  

 

ඈන් - 4 තුන් අවුරුද්ද

Anne of Windy Willows
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 280.00 (තෙවැනි මුද්‍රණය 2009)
ISBN            : 978-955-551-695-2
පිටු               : 223

පොත ගැන
මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හතර වන පොත යි. රෙඩ්මන්ඩ් සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් ඈන් සමර්සයිඩ් හි උසස් පාසලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන තුන් අවුරුද්දක රසබර සිදුවීම් මෙම පොතෙහි ඇතුළත් ය. ඈන් එහි විදුහල්පතිනිය වශයෙන් පැමිණීම නුරුස්සන ගමේ බලවත් පිරිසක් වූ ප්‍රිංගල් පවුල් මුලදී ඇයට විරුද්ධකම් කළත් අවසානයේ අහඹු සිද්ධියක් නිසා ඈන්ට ප්‍රිංගල් ප්‍රජාව සිය අත යටට ගැනීමට හැකි වේ.



   

ඈන් - 5 සිහින මන්දිරය

Anne's House of Dreams
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම

මිල                  : රු. 250.00 (සිව්වැනි මුද්‍රණය 2010)
ISBN                : 978-955-551-757-7
පිටු                  : 212


පොත ගැන
මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි පස්වැනි පොත යි. ඈන් ගිල්බර්ට් සමග විවාහ වීමෙන් පසු අලුත් නිවහනක ගෙවන සුන්දර කාලය මෙම පොතෙහි විස්තර වේ.

පසු වදන
දහ හතර වසරක පමණ කාලයක් තමා ජීවත් වූ අරඹෙ ගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි "සිහින මන්දිරය"යි. ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.

"සිහින් මන්දිරයේ" ජීවත් වන කාලය තුළ දී ඇයට මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද?



      

ඈන් - 6 මව සහ දරුවෝ


Anne of Ingleside
කතුවරිය      : Lucy Maud Montgomery  
පරිවර්තනය  : ප්‍රේමසිරි මාහිංගොඩ
ප්‍රකාශනය     : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 220.00 (ප්‍රථම මුද්‍රණය 2004)
ISBN          : 955-551-353-8
පිටු                : 199

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හය වැනි පොත යි. ඈන් ඇගේ කුඩා දරුවන් සමග ගෙවන සුන්දර කාලයත්, ඔවුන්ගේ සිතුම් පැතුම් අවබෝධ කරගනිමින් ආදරණීය මවක ලෙස ගෙවන කාලයත් මෙම පොතෙහි විස්තර වේ.


 

ඈන් - 7 දේදුනු නිම්නය

Rainbow Valley
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය  : ප්‍රභාත් මිරිහාගල්ල
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල              : රු. 400.00 (ප්‍රථම මුද්‍රණය 2013)
ISBN         : 978-955-686-180-8පිටු : 199

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හත් වැනි පොත යි. ඈන්ගේ දරුවන්ගේ ළමා කාලයත් ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳවත් මේ පොතෙන් විස්තර වේ.





 
 



 

Tuesday, November 11, 2014

කරුමක්කාර කතාවක්


කතෘ: ගබි‍්‍රයෙල් ගාර්ෂියා මාකේස්
පරිවර්තනය: ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය: රාවය ප්‍රකාශන
මිල: රු -270 






ගබි‍්‍රයෙල් ගාර්ෂියා මාකේස් විසින් ස්පාඤ්ඤ බසින් රචිත Crónica de una muerte anunciada කෘතියේ ඉංග්‍රිසි පරිවර්තනය වන Chronicle of a Death Foretold හි සිංහල පරිවර්තනයයි.   

ආරම්භක ඡෙදය - (ඔවුන්) ඔහු මරන්නට යන දා උදෑසන සන්තියාගෝ නසාර් අවදි වූයේ පහයි තිහට ය.ඒ, එදා බෝට්ටුවකින් නගරය වෙත ඒමට නියමිත ව සිටි අගරදගුරු තුමා දැක ගැනීමට ය. මුදු පොද වැස්සක් ඇද හැලෙද්දී සුවිසල් ගසින් හෙබි අරඹක් හරහා තමා ඇවිද එනු ඔහු එදා ? සිහිනෙන් දුටුවේ ය. එක මොහොතකට ඒ සිහිනය තුළ ඔහු පී‍්‍රතියෙන් පිනා ගියේ ය. එහෙත් අවදි වු සැණින් ඔහුට දැනුණේ කුරුල්ලන්ගේ මළ මුත‍්‍රයෙන් සිය ඇඟ නැහැවී ඇති සෙයකි. ‘එයා නිතරම ගස් ගැන හීන දකිනවා’ යි ඔහුගේ මව ප්ලිසිදා ලිනේරෝ ඒ අප‍්‍රසන්න සඳුදාව ගැන සිහිපත් කරමින් ඊට වසර විසි පහකට පසු දිනෙක මට කීවා ය. ‘ඊට සුමානෙකට කලින් පුතා හිනයක් දැක්කා. තුනී බෙලෙක් තහඩුවලින් හදාපු අහස් යාත‍්‍රාවක තනියම නැගිලා කොට්ටම්බා ගස් මැද්දෙන් පියාඹනවා කිසිම දේක හැප්පෙන්නේවත් නැතිව.’ මව තවදුරටත් කීවා ය.අනුන්ගේ සිහිනවල පලාපල නිවැරදි ව කියන තැනැත්තියක් සේ ඇය ඉතා ප‍්‍රකට ය. එහෙත් ඈට එසේ කළ හැකි වන්නේ සිහින ගැන කෑමට පෙර පැවසුවොත් පමණ ය. කෙසේවෙතත් තමන්ගේ ම පුතා දුටු ඉහත කී සිහින දෙකෙන්වත්, ඔහුගේ මරණයට කලින් ඔහුඈට කියා තිබූ ගස් පිළිබඳ වෙනත් සිහිනයන්ගෙන්වත් කිසි අනිටු පෙර නිමිත්තක් දැකීමට ඈට නොහැකි විය.


Friday, October 17, 2014

ආලෝෂා

කතෘ : Oleg Tikhomirov
පරිවර්තනය : උපාලි රත්නායක
ප්‍රකාශනය කඩුල්ල ප්‍රකාශන
මිල : රැ 300/= 
ISBN : 978-955-8499-92-4
පිටු : 146

වයස අවුරුදු 15ක් වන රුසියානු දරුවකුගේ ධෛර්යවන්ත  ජීවිතය පිළිබදව අනුවෙදනීය කථාවකි. විටෙක අනුකම්පාවත්, විටෙක ආඩම්බරය මුසු අභිමානයකුත්, විටෙක අන්තරාය මුසු බියකුත්, තවත් විටෙක හදවත කීරි ගසාගෙන යන තරමේ දුකකුත් ඇති වන ලෙස කථාව ගලගෙන යයි.

Monday, October 6, 2014

කැබලි

කතෘ : බෙන්ජමීන් විල්කොමිර්ස්කි
පරිවර්තනය : රවීන්ද්‍ර විජේවර්ධන
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු. 350.00
ISBN      : 978 955 652 464 2
පිටු : 208

යුදෙව් සංහාරක සාහිත්‍යයේ උද්දීප්තිමත්ව බැබලෙන ළමා මතක කෘති දෙකකි. ඒ එලී විසල්ගේ රාත්‍රීය, හා ඈන් ප්‍රෑන්ක්ගේ “ඈන් ප්‍රෑන්ක්ගේ දිනපොතයි. මේ ඒ ද පරයා යන නට්සි කඳවුරක විසූ ළමයෙකුගේ ඇදහිය නොහැකි මතක වස්තුවකි. 

පෝලන්තය නට්සි ග්‍රහනයට නතුවී යුදෙව්වන් රැස් කිරීම අරඹන විට බින්ජමින් විල්කොමිර්ස්කි කුඩා දරුවකු පමණි. එස් එස් භටයන් කුඩා බින්ජමින්ගේ පිය ඝාතනය කලේ ඔහුගේ ඇස් ඉදිරිපිටමය. අනතුරුව සිය පවුලෙන් වෙන් කරනු ලැබූ ඔහු නැවත හමුවන්නේ විවිධාකාර යුදෙව්වන් ගහන මැජ්ඩනෙක් කඳවුරේදීය. මේ වනවිට ඔහු තුන් හෝ සිව් හැවිරිදිය. මේ හුරුබුහුටි කෘතිය හරහා බෙන්ජමින් අපට විශ්මයාවහ ජිවිතාවලෝකනයක් ගෙනෙයි. ඔහුට ඇත්තේ පිලිවෙලකට ගොනු කරනු ලැබූ මතක පටක් නොවෙයි. ඒවා එකිනෙක අසම්බන්ධිත මතක කැබලිය. සුන්බුන්ය. ඔහුට හරිහැටි බසක් නැත. දර්ශනයක් නැත. ඉල්ලකයක් නැත. මක් නිසාද, ඔහු විවිධ අතෝරයන් හා අණ නියෝග මැද ඇතිදැඩි වූ දරුවකු බැවිනි. ඉදින්, ඔහු ඉදිරිපත් කරණ නොඉඳුල් වදන් කැටි හරහා පාඨක ලොව බලන්නේ ඔහු සේම අහිංසක ළමා ඇසකිනි. ඒ  ළමා ඇස කුඩාය. සියුමැලිය. එහෙත් එය අප මෙහෙයවනුයේ ඔහු විඳි අනේක විධ භීෂණය, ආදරය, දයාව, මිත්‍රත්වය ආදී සංවේදනාවන් ඒ ලෙසම අපත් අත්විඳිමය. සියල්ලටමත් වඩා ඔහු දිවි ගලවාගත් සැටිත්, සැබෑ ලෝකයට සම්ප්‍රාප්ත වීමට ඇවිදගිය වෙහෙසකර ගමනත්, අපත් විශද ලෙස පසක් කර ගැනීමටය. 

කැබලි වූ කලී කඩදාසියක ලියන්නට බැරි කථාන්තරයක් කඩදාසියකින් ලියූ, ජිවිතයට පණ පොවන එහි ගැඹුර, ඛේදය මේ යැයි විදාලන මහා කෘතියකි. ඉන් කියන දේ මේ මොහොත‍ෙත් අප ව‍ටා ගිගුම් දේ.(පොතේ තියන විධියටම)


Friday, October 3, 2014

සියවසක් පවත්නා දවස

කතෘ : චිංගීස් අයිත්මාතෙව්
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
මිල : රු. 600.00
ISBN : 978 955 1559 48 9
පිටු : 495

මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්, නිම්හිම් නැති අභ්‍යාවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ඨ නවකථාව ඉතිහාසය හා පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාද් දෙවන ලොක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය ස්ථානයක සේවය කල වැසියන් පිරිසකගේ ජීවන අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක දෘෂ්ටියකි. එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශයේ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ සංස්කෘතික හා හර පද්ධතින් සජිවි ලෙස ගෙනහැර පානා අතිශය සංවේදී නිර්මාණයකි. (පොතේ විධියටම)

නියමම පොතක්, බියුරාන්නි යෙදිගෙව්, බියුරාන්නි කාරානර් මා සන්තානයේ සදාකල්ම ජිවත් වෙයි, (බියුරාන්නි කියන්නේ හිමකුණාටුව) මැන්කට්වරයෙකු තෑනීම කෙතරම් අමානුෂිකද? (මම නෙට් එටකත් මැන්කර්ට්ලා ගැන හෙව්වා) අයිත්මාතෙව්ගේ අතිශය මානූෂිකවාදී සානුකම්පිත දෘෂ්ටිය ගුල්සාරි පිලිබ‍ඳ ආවර්ජනයේදී මෙන්ම බියුරාන්නි කාරානර් ගැන ආවර්ජනයේදීත් මැනැවින් දෘෂ්‍යයමාන වෙයි. ගුල්සාරි අශ්වයෙකි. බියුරාන්නි කාරානර් ඔටුවෙකි. මධ්‍ය ආසියානු ජනජිවිතය එඬෙර ජිවිතය තුළ කෙතරම් එරී පවතීද යන්න (ආර්යයන් දකුණට සංක්‍රමණය වීමේ සිට) පිලිබිඹු වෙයි. ආරම්භයේදී කොම්සමල්වරයෙකු ලෙස සිට කිර්ගීසියාවේ ජනාධිපති ලෙස මියයන තෙක් අයිත්මාතෙව් විප්ලවය තුළ ජිවත් වීමත්, ස්ටාර්ලින් පාලන සමය තුළ සෝවියට් පාළනය සියුම්ව විවේචනය කිරීමත් මෙහිදි දැක්ක හැක. චිත්තරූප මැවෙන ලෙස මානයන් දෙකක් තුළ සිදුවන කථා දෙකක් දක්වා ඇති අතර, කථානායකයාගේ කථාව ආවර්ජනාත්මක රීතියකින් රචනා කර ඇත. කියවලා බලන්න නියමම පොතක් 


අරණකට පෙම්බැඳ

කතෘ : විභුතිභූෂණ බන්ද්‍යොපාධ්‍යය 
පරිවර්තනය : චින්තා ලක්ෂ්මී සිංහාරච්චි
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු. 350.00
ISBN : 955 96254 2 X 
පිටු : 274

[විභුතිභූෂණ  තරම් අව්‍යජ ලෙසත් චිත්තාකර්ෂණීය ලෙසත්, සභාවික පරිසරය ගැන විස්තර කල වෙනත් ලෙඛකයෙකු නොමැති බව එරට විද්වත්හු පිලිගනිති. මේ ග්‍රන්ථය රචනා කර ඇත්තේ 1937 සිට 1939 දක්වා වූ කාල සීමාව තුළය. මෙයට පසුබිම වී ඇත්තේ ඉන්දියවේ බිහාර් ප්‍රාන්ත්‍රය‍ේ භගල්පූර්හි පිහිටි වනගත වතුයායකි. බුදුන් වහන්සේ වැඩසිටි බුද්ධගයාවට ආසන්න ප්‍රද‍ේශයක් බව කියයුතුය. මෙහි සඳහන් වන විවිධ චරිත අතර වන රැජිනට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. තාරාදාස් ඛනද්‍යොපාධ්‍යාය මෙය හදුන්වන්නේ ශාන්ත පරිසරයකදී ඇසෙන විලම්භ ලයකින් වාදනය වන, වස්දඬුවක මිහිරි ස්වර මාලාවක් ලෙසිනි. 

මිනිසා හා පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින් ද ලගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යෙයන් වර්ණිතය. 

ප.ලි. - (ආයි මොකටද මම හදලා කියන්නේ. පොතේ තියන විධියටම ලිව්වා. ලොවෙත් සුපිරිම පොතක් එකෙන්ම )

Thursday, October 2, 2014

සමුදෙන්න මාග‍ේ රිදීදෝලිය

කතෘ : ලිලියන් ලී
පරිවර්තනය : ස්වර්ණ කාන්ති රාජපක්ෂ
ප්‍රකාශනය  : විදර්ශන ප්‍රකාශකයෝ
මිල  : රු. 350 
ISBN : 977 955 1599 13 7 
පිටු : 247

වෙසඟනන්ට හදවත් නැත. නළුවන්ට සදාචාරයක් නැත. ලෝකයා කියන්නේ මෙලෙසය. අබිසරුලිය සයනයට වැද බොරු රැඟුම් මවා පෙන්වන්නීය. නළුවකු වේදිකාව මත හැසිරෙන්නේ උතුම් ගතිතුණ හා චර්යාවන්ගේ සංකේතයක් ලෙසිනි. ඔවුන් වෙතින් ප්‍රකාශ වන ආශාවන් අපගේ එදිනෙදා ඒකාකාරි වූ ජිවිතයේ දුර්වර්ණයන් බඳු නොවෙයි. ඒවා ඉතා විචිත්‍රය. පැහැබරය.

මෙය ඔපෙරාවක් පමණි. නළුවෝ මරණය රඟ දක්වති. තිරය වැසෙයි. අවසානයේ දෙදෙනාම ඉවත්ව යති. එක් නළුවෙක් අනෙකාට තදින් පෙම් කරයි. සැබවින්ම ඔවුන්ගේ කථාව එතඑම් සරළ නැත. එක් පිරිමියෙකු තවෙකෙකුට තදින් පෙම් කරන්නේ නම් එය සරළ වන්නේ නැත. (පොාත් හැටියටම)

1993 කැන්ස් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටියට හිමි සම්මානය සමුදෙන්න මගේ රිදීදෝලිය ට හිමිවිය. වසය අවුරුදු 09දි පීකිං ඔපෙරායට බාරදෙන ඔතෑනි පිරිමි ළමයෙකු තම ළමා කාලයම වේදිකාවේ කථා නායිකාවගේ චරිතය රග දැක්වීම හුරුවීමට කැපකරණ අතර, වැඩිහිටි ජිවිත කාලයම පුරා කථානායිකාවගේ චරිතය වේදිකාව මත දිගහරියි. ළමා කාලය අවසන් වන විට පිරිමි ළමයා සිතුම් පැතුම් හා හදවතින් ස්ත්‍රියක වේ. වේදිකාවේ කථානායකයාට අසීමිතව ප්‍රේම කිරීමත්, ඔහුගේ ගණිකා භාර්යාවට ඊර්ෂ්‍යා කිරීමත් සමකාලීන චීන දේශපාලන පසුබිමත් පදනම් කරගෙන කථාව නිර්මාණය වී ඇත. 


සැන්තියාගෝ නම් සැරිසරන්නා

කතෘ : පාවුලෝ කොය්යෝ
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
මිල : රු. 380
ISBN : 955 8033 59 6
පිටු : 210

නැවත නැවත දකින සිහිනයක් අනුව යමින් සිය ඉරනම ලුහුබැඳ යන එඬෙර කොල්ලෙකුගේ පුවතක ආකාරයෙන් දිග හැරෙන මෙම කථාව මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගලාගියද එය අපේ ජිවිතය වඩ වඩාත් පුළුල් කරලීමේ සමත් අපූර්ව අරුත් දක්වන නිර්මාණයකි. සිහින ලිහිබැඳයාමේ අසිරිය ඇතුළු හඳට සවන්දීමේ වැදගත්කම මෙන්ම දිවිමගෙහි හමුවන දහසකුත් එකක් නිමිති වටහා ගැනීමේ වැදගත්කම මෙමගින් අපූරුවට විදහා දැක්වෙයි.

ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත ස‍්හන් කරණ අාකාරයට පාඨකයන්ගේ ජිවිතය සදහටම වෙනස් කිරීමෙහි සමත් කෘතියක් දශක කිහිපයකට වරක් පළවෙයි. කොය්යෝගේ අග්‍ර කෘතිය වන The Alchemist නම් මේ කෘතිය එවැනි ගුණයකින් හෙබි කෘතියකි. නූතන සම්භාව්‍ය කෘතියක් ලෙස මේ වනවිට අවිව‍ාදයෙන්ම මෙම පිලිගනු ලබයි. ලොව පුරා මේ වනවිට මිලියන 30 ඉක්මවා අලෙවි වී ඇති මෙම කෘතිය මායාව, යථාර්තය, දාර්ශනිකත්වය, ත්‍රාෙසා්න්මාදය, වීරත්වය, ප්‍රේමය යනාදි කොය්යෝගේ ලේඛන සළකුණ මනාව පිලිබිඹු කරයි. (පොතේ තියන විධියටම) 

Wednesday, October 1, 2014

ගෝරා

කතෘ : රවීන්ද්‍රනාථ ඨාකූර්
පරිවර්තනය : චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු. 550
ISBN : 955 652- 042 2
පිටු : 533


මෙම නවකථාව නිසැක වශයෙන්ම තාගෝරයන්ගේ හො‍ඳම නවකථාවයි. හින්දු බ්‍රහ්මණ පවුලක හැදුණු ඉංග්‍රීසි ජාතික තරුණයෙකු හින්දු සමාජයේ මාලන් කෙනෙකු ලෙස ජිවත්වීමත් ඉන්දීය කුල ක්‍රමය අතික්‍රමණය කිරීමට යාමත් වටා ගෙතුණු ග්‍රන්ථයකි. 

ගෝරා යනු හින්දි භාෂාවේ ධවල යන අර්ථය දනවන අතර 20 වන සියවසේ මුල් කාලීන භාරතීය සමාජ සංස්කෘතිය මෙම නවකථාවට පදනම් වී අැති අතර 1908 - 1910 අතර කාලයේ ඉන්දීය සඟරාවක් තුළ මෙය කොටස් වශයෙන් පළවී ඇත.


සමුගනිමු ගුල්සාරී

කතෘ : චිංගීස් අයිත්මාතොව්
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : විදර්ශන පොත්
මිල :  රු. 350.00  
ISBN : 955 8033 46 4
පිටු : 262

සෝවියට් පාලන සමය තුළ බිහිවූ නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ඨතම ගණයේලා සැළකෙන ලේඛකයෙකු ලෙස චිංගීස් අයිත්මාවෙව් අවිවාදයෙන්ම පිලිගනු ලබයි.


සමුගනිමු ගුල්සාරී නම් මේ නවකථාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂි නවකථාවක් සේ සළකනු ලබයි. මිනිසෙකු හා අශ්වයෙකු අතර ඇතිවන අපූර්ව සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකථාව අලීම් කෙෂෝකෝව් නමැති දගෙස්තාන් ලේඛනයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංග්වේගේ මහල්ලා සහ මහමුහුද හා සමවන කෘතියක් ලෙසිනි.  (පොතේ තියන විධියමට)

(සමීර ප්‍රකාශකයෝ විසින් රු. 425 කට මේ පොත එච්.ජයරත්න කියලා කෙනෙක් පරිවර්තනය කරලා තියනවා මේ පාර පොත්  ප්‍රදර්ශනයේදි දැක්කා.)

Thursday, September 25, 2014

අපේ තාත්තා පැංචා කාලෙ

කර්තෘ - ඇලෙක්සැන්ඩර් රස්කින්
පරිවර්තනය - චූලානන්ද සමරනායක
ප්‍රකාශනය - සුභාවි
මිල - රු 350/-


මේක අලුත් රුසියානු ළමා කෘතියක පරිවර්තනයක්.. ‘‘ළමා වියේ සුන්දරත්වය, කෙළිලොල් බව, වීරත්වය, අත්වැරැදීම්, සහෝදරත්වය, අව්‍යාජත්වය වැනි බොහෝ පාර්ශවයන් කෙරේ අවධානය යොමු කරමින් රචිත අපූර්ව කෘතියකි.


කදුකර රෝස මල් (Heidi)

කතෘ : ජොහානා ස්පිරි
පරිවර්තනය : චින්තා සුභාෂිණි රණසිංහ
ප්‍රකාශනය : විජේසූරිය  ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු - 170/=
ISBN : 955-652-081-3


හෙයිඩි (Heidi) නම් සම්භාව්‍ය ළමා නවකතාව පළමුවරට ප්‍රකාශයට පත් වුයේ 1880 වසරේදීය. ස්විට්සර්ලන්තයේ අර්ෂල් (Hirzel) නම් කදුකර ගම්මානයේ උපත ලද ජොහානා ස්පිරි (Johana Spyri) එහි කතෘවරියයි.  ඇගේ ළමා වියේ ස්මරණ පිළිබද ආස්වාදනය මෙම කෘතියට පසුබිම් වූ බව කියවේ. 'කදුකර රෝස මල්' නමින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ මෙම ළමා නවකතාවයි.



රෝස වලාකුළු (Heidi Grows Up)

කතෘ : චාල්ස් ට්‍රිටන්
පරිවර්තනය : චින්තා සුභාෂිණි රණසිංහ
ප්‍රකාශනය : විජේසූරිය  ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු - 200/=
ISBN : 978-955-652-975-3


හෙයිඩි ළමා නවකතාවේදී හමුවන කථා නායිකාවගේ බාලිකා අවධිය ගැන විස්තර කෙරෙන Heidi Grows Up නම් මෙම නවකතාව චාල්ස් ට්‍රිටන් (Charles Tritten) විසින් 1961දී ප්‍රකාශයට පත්  කරන ලද්දේ, නිසැකවම මුල් කෘතියේ පාටකයන්ගේ මුණුබුරන් වූ ළමා පිරිසකටය. මෙහිදී කතුවරයා එහි නිර්මාතෘවරියගේ යොවුන් විය පාදක කරගෙන 'හෙයිඩි චරිතය' විකාශණය කර ඇත. මෙම චරිතය තුලින් ඉස්මතු කර ඇත්තේ ජොහානා ස්පිරිගේ රුචි අරුචිකම් හා චරිත ලක්ෂණයි. හෙයිඩි ළමා නවකතා මාලාවේ දෙවෙනි කොටස ලෙස මෙය 'රෝස වලාකුළු' නමින් සිංහලට පරිවර්තනය කර ඇත.



හෙයිඩිගේ දරුවෝ (Heidi's Children)

කතෘ : චාල්ස් ට්‍රිටන්
පරිවර්තනය : චින්තා සුභාෂිණි රණසිංහ
ප්‍රකාශනය : විජේසූරිය  ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු - 290/=
ISBN : 978-955-652-974-6


හෙයිඩි ළමා නවකතා ත්‍රිත්වයේ අවසාන පොත වූ  චාල්ස් ට්‍රිටන් (Charles Tritten) විසින් රචිත Heidi's Children නම් කෘතියෙන් මුල් කෘති දෙකෙහිම සදහන් චරිත ඉදිරියට ගලා යෑම සිදුවන ආකාරය  සහ හෙයිඩිගේ දරුවන් පිලිබදව ඉතා සුන්දර කතාවක් නිර්මාණය කර ඇත. 'හෙයිඩිගේ දරුවෝ' නමින් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ මෙම කතාවයි.



Related Posts Plugin for WordPress, Blogger...