Tuesday, November 25, 2014

ඈන් - 1 අරඹෙ ගෙදර ඈන්

Anne of Green Gables
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය  : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල             : රු. 350.00 (දෙවන මුද්‍රණය 2003)
ISBN         : 955-551-236-1
පිටු              : 348
 
කතුවරිය ගැන
 
හාස්‍යොත්පාදක චරිත නිර්මාණය අතින් ශ්‍රෙෂ්ඨ ඉංග්‍රීසි නවකතා කතුවරයකු වූ චාල්ස් ඩිකන්ස්ට බොහෝදුරට සමීප වන ලුසී මෝඩ් මොන්ට්ගොමරි (1874 - 1942) කැනේඩියානු ජාතික ගත් කතුවරියකි. ඇගේ චරිත නිර්මාණයෙහි කැපී පෙනෙන අංගයක් වනුයේ ඉතා සුළු චරිතයක් තුළ වුවද දක්නට ලැබෙන හාස්‍යොත්පාදක ලක්ෂණ ප්‍රබල වාචික චිත්‍රයකට නංවා එය පාඨක සිත් තුළ නොමැකෙන අයුරින් සටහන් කිරීමයි.
විශ්ව විද්‍යාලයීය උපාධියක් ලැබීමෙන් පසු ගුරු වෘත්තියට පිවිසි මොන්ට්ගොමරි කවි හා කෙටි කතා රචනයෙහිද කැපී පෙනෙන කුසලතා දැක්වූ කතුවරියකි. (පෙරවදනින්, ඇන් - 1 : අරඹෙ ගෙදර ඈන්, ප්‍රේමසිරි මාහිංගොඩ) 
 
ඈන් කතා මාලාව ගැන
 
ඈන් කතා මාලාවට පසුබිම් වී ඇත්තේ කතුවරිය උපත ලැබූ එඩ්වර්ඩ් කුමාර දිවයින (Prince Edward Island)
යි. එය කැනඩාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටා ඇත. කතාව ගොඩ නඟා ඇත්තේ ඇය හැදුණු වැඩුණු පරිසරය තුළය. පළමුවෙන්ම 1925 දී ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතියෙන් එකල එහි වූ අධ්‍යාපන ක්‍රමය, සමාජ සංස්ථා, සිරිත්-විරිත්, ආකල්ප හා මුදල් භාවිතය ආදිය නිරූපණය කැරෙයි. 'ඈන්' චරිතය අපට පළමු වරට හමුවනුයේ "ඈන් ඔෆ් ග්‍රීන් ගේබ්ල්ස්" කතාව තුළිනි. ඉක්බිති එම චරිතයේ විවිධ අවස්ථා අලලා තවත් කතා නවයක් කතුවරිය විසින් නිර්මාණය කොට ඇත. (පෙරවදනින්, ඈන් - 1 : අරඹෙ ගෙදර ඈන්, ප්‍රේමසිරි මාහිංගොඩ)
 
පොත ගැන

මා පියන් නොදුටු අනාත දැරියක වූ ඈන්ට නොසිතූ විරූ ලෙස නිවසක් ලැබීමත්, ඇගේ ළමා වියත් අලලා ලියැවුණු මෙම කෘතිය මෙම පොත් පෙළෙහි පළමුවැන්න ය. මනෝ ලෝකයක ජීවත් වීමට දක්ෂ ඈන් බොහෝ ලෙස කතා කරන, සමාජ ආශ්‍රයට ප්‍රිය කරන උද්‍යෝගමත් දැරියකි.
 

     


  
 



 
 
 

ඈන් - 2

Anne of Avonlea
කතුවරිය      : Lucy Maud Montgomery

පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල             : රු. 280.00 (ප්‍රථම මුද්‍රණය  2002)
ISBN         : 955-551-283-3
පිටු             : 271

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි දෙවැනි පොත යි.රැජින ගුරු විදුහලේ පුහුණුවෙන් පසුව ඈන් ගමේ පාසලේ ගුරුවරියක ලෙස කටයුතු කරන කාලයේ සිදුවීම් සහ ඉදිරි ජීවිතය පිළිබඳ ඇය ඇති කරගන්නා බලාපොරොතු ඇතුළත් රසවත් සිදුවීම් පෙළකින් මෙම පොත සමන්විතය.





 
 

Monday, November 24, 2014

ඈන් - 3 සරසවියට ගිය ගමේ කෙල්ල

Anne of the Island
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 260.00 (ප්‍රථම මුද්‍රණය 2009)
ISBN             : 955-551-316-3
පිටු                : 239

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි තෙවැනි පොත යි.
ඈන් රෙඩ්මන්ඩ් සරසවියට ඇතුළු වීමේ වරම් ලැබීමත්, එහිදී හමුවන මිතුරියන් හා ගෙවන සුන්දර නේවාසික ජීවිතයත් මෙම පොතෙහි විස්තර කර ඇත.
ගමේ පාසලේදී එකම පන්තියේ උගත්, ඈන්ගේ සමීපම මිතුරකු වූ, ඇයත් සමගම සරසවි වරම් ලැබූ ගිල්බර්ට් බ්ලයිත් ඇය ඔහුගේ පෙම්වතිය කැරැගැනීමට අපේක්ෂා කළත් ඇය ඔහුගේ ඇසුර පතන්නේ අවංක මිතුරකු ලෙසට විනා පෙම්වතකු ලෙස නොවේ. ඈන් වෙනත් සරසවි සිසුවකු වූ රෝයි පිළිබඳ උනන්දු වෙයි. ඇත්තෙන්ම ඈන් යටි සිතෙන් ආදරය කරන්නේ ඔවුන් දෙදෙනාගෙන් කාටද? ඇගේ මනෝ ලෝකයේ පෙම්වතා සැසඳෙන්නේ කා සමගද? ඇත්තෙන්ම ඇය තෝරා ගන්නේ රෝයි ද? ගිල්බර්ට් ද? (පසුවදන ඇසුරෙන්)
 


  

 

ඈන් - 4 තුන් අවුරුද්ද

Anne of Windy Willows
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 280.00 (තෙවැනි මුද්‍රණය 2009)
ISBN            : 978-955-551-695-2
පිටු               : 223

පොත ගැන
මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හතර වන පොත යි. රෙඩ්මන්ඩ් සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් ඈන් සමර්සයිඩ් හි උසස් පාසලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන තුන් අවුරුද්දක රසබර සිදුවීම් මෙම පොතෙහි ඇතුළත් ය. ඈන් එහි විදුහල්පතිනිය වශයෙන් පැමිණීම නුරුස්සන ගමේ බලවත් පිරිසක් වූ ප්‍රිංගල් පවුල් මුලදී ඇයට විරුද්ධකම් කළත් අවසානයේ අහඹු සිද්ධියක් නිසා ඈන්ට ප්‍රිංගල් ප්‍රජාව සිය අත යටට ගැනීමට හැකි වේ.



   

ඈන් - 5 සිහින මන්දිරය

Anne's House of Dreams
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම

මිල                  : රු. 250.00 (සිව්වැනි මුද්‍රණය 2010)
ISBN                : 978-955-551-757-7
පිටු                  : 212


පොත ගැන
මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි පස්වැනි පොත යි. ඈන් ගිල්බර්ට් සමග විවාහ වීමෙන් පසු අලුත් නිවහනක ගෙවන සුන්දර කාලය මෙම පොතෙහි විස්තර වේ.

පසු වදන
දහ හතර වසරක පමණ කාලයක් තමා ජීවත් වූ අරඹෙ ගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි "සිහින මන්දිරය"යි. ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.

"සිහින් මන්දිරයේ" ජීවත් වන කාලය තුළ දී ඇයට මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද?



      

ඈන් - 6 මව සහ දරුවෝ


Anne of Ingleside
කතුවරිය      : Lucy Maud Montgomery  
පරිවර්තනය  : ප්‍රේමසිරි මාහිංගොඩ
ප්‍රකාශනය     : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 220.00 (ප්‍රථම මුද්‍රණය 2004)
ISBN          : 955-551-353-8
පිටු                : 199

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හය වැනි පොත යි. ඈන් ඇගේ කුඩා දරුවන් සමග ගෙවන සුන්දර කාලයත්, ඔවුන්ගේ සිතුම් පැතුම් අවබෝධ කරගනිමින් ආදරණීය මවක ලෙස ගෙවන කාලයත් මෙම පොතෙහි විස්තර වේ.


 

ඈන් - 7 දේදුනු නිම්නය

Rainbow Valley
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය  : ප්‍රභාත් මිරිහාගල්ල
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල              : රු. 400.00 (ප්‍රථම මුද්‍රණය 2013)
ISBN         : 978-955-686-180-8පිටු : 199

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හත් වැනි පොත යි. ඈන්ගේ දරුවන්ගේ ළමා කාලයත් ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳවත් මේ පොතෙන් විස්තර වේ.





 
 



 

Tuesday, November 11, 2014

සූරිය කුසුම

කතෘ : චූලාභය ශාන්ත කුමාර හේරත්
පරිවර්තනය :
ප්‍රකාශනය : සුරස ප්‍රකාශන (ෆාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ්)
මිල : රු -500
ISBN # : 9789556773620


නොගැලපෙන විවාහයක් නිසා පවුල් පවුරෙන් නික්ම විදෙස් ගතවූ සොහොයුරා සිය බිරිඳත් සමග පැමිණි විට ඔහුගේම වැඩිමහල් සොහොයුරා විසින් අනුබල දුන්  ඝාතනයකට ගොදුරුවීමත් පෙර වාසනාවකට දිවි බේරුනා සිඟිති දියණිය අනාථ නිවාසයක හැදි වැඩී තුරුණු විය එලැඹීමත් සමග තම දෙමව්පියන්ට සිදුවූ ඛේදනීය ඉරණමට වගකිවයුත්තන් සොයා යන දිරිය දියණියකගේ සංවේදී කතාන්දරය සරල බසින් පාඨක රුචිය වඩවන අයුරින් රචිතය.

කරුමක්කාර කතාවක්


කතෘ: ගබි‍්‍රයෙල් ගාර්ෂියා මාකේස්
පරිවර්තනය: ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය: රාවය ප්‍රකාශන
මිල: රු -270 






ගබි‍්‍රයෙල් ගාර්ෂියා මාකේස් විසින් ස්පාඤ්ඤ බසින් රචිත Crónica de una muerte anunciada කෘතියේ ඉංග්‍රිසි පරිවර්තනය වන Chronicle of a Death Foretold හි සිංහල පරිවර්තනයයි.   

ආරම්භක ඡෙදය - (ඔවුන්) ඔහු මරන්නට යන දා උදෑසන සන්තියාගෝ නසාර් අවදි වූයේ පහයි තිහට ය.ඒ, එදා බෝට්ටුවකින් නගරය වෙත ඒමට නියමිත ව සිටි අගරදගුරු තුමා දැක ගැනීමට ය. මුදු පොද වැස්සක් ඇද හැලෙද්දී සුවිසල් ගසින් හෙබි අරඹක් හරහා තමා ඇවිද එනු ඔහු එදා ? සිහිනෙන් දුටුවේ ය. එක මොහොතකට ඒ සිහිනය තුළ ඔහු පී‍්‍රතියෙන් පිනා ගියේ ය. එහෙත් අවදි වු සැණින් ඔහුට දැනුණේ කුරුල්ලන්ගේ මළ මුත‍්‍රයෙන් සිය ඇඟ නැහැවී ඇති සෙයකි. ‘එයා නිතරම ගස් ගැන හීන දකිනවා’ යි ඔහුගේ මව ප්ලිසිදා ලිනේරෝ ඒ අප‍්‍රසන්න සඳුදාව ගැන සිහිපත් කරමින් ඊට වසර විසි පහකට පසු දිනෙක මට කීවා ය. ‘ඊට සුමානෙකට කලින් පුතා හිනයක් දැක්කා. තුනී බෙලෙක් තහඩුවලින් හදාපු අහස් යාත‍්‍රාවක තනියම නැගිලා කොට්ටම්බා ගස් මැද්දෙන් පියාඹනවා කිසිම දේක හැප්පෙන්නේවත් නැතිව.’ මව තවදුරටත් කීවා ය.අනුන්ගේ සිහිනවල පලාපල නිවැරදි ව කියන තැනැත්තියක් සේ ඇය ඉතා ප‍්‍රකට ය. එහෙත් ඈට එසේ කළ හැකි වන්නේ සිහින ගැන කෑමට පෙර පැවසුවොත් පමණ ය. කෙසේවෙතත් තමන්ගේ ම පුතා දුටු ඉහත කී සිහින දෙකෙන්වත්, ඔහුගේ මරණයට කලින් ඔහුඈට කියා තිබූ ගස් පිළිබඳ වෙනත් සිහිනයන්ගෙන්වත් කිසි අනිටු පෙර නිමිත්තක් දැකීමට ඈට නොහැකි විය.


Sunday, November 9, 2014

දිගා මඬුලු ගුරු ගීතය

කතුවරයා: ගුණශීල අඹවත්ත
ප්‍රකාශනය: කර්තෘ ප්‍රකාශනයකි
මිල: රු. 380.00 (තෙවන මුද්‍රණය - 2011)
ISBN: 978-955-52806-0-0

පිටු: 256
පිටකවරය: ශාන්ත කේ. හේරත්

පොත ගැන:
අවහිරතා, අභියෝග මැද පාසලක් සාදා රජයට පවරා දෙමින් ගුරු සේවයට පිවිසි ගුණශීල අඹවත්ත මහතාගේ ගුරු ජීවිතයේ එක් යුගයක් අළලා ඔහු විසින් ලියන ලද මෙම ග්‍රන්ථය ඔහු ගුරු සේවයේදී මුහුණ දුන් සත්‍ය සිදුවීම් වලින් සමන්විතය.

අවුරුදු විස්සක තරම් ලාබාල වියේදී ගම්පොළ, නාවලපිටිය ආශ්‍රිත ගම්මානයක පාසලක් සාදා රජයට පවරා දුන් කාලයේත්, එයින් රජයේ ගුරු පත්වීමක් ලබා පළමුව සේවයට වාර්තා කළ දිගාමඬුල්ල ප්‍රදේශයේ පාසලේ අභිවෘද්ධියට කටයුතු කළ කාලයේත් රසවත් සිද්ධි දාමයක් මෙහි ඇතුළත් වේ.

පසු වදනින් (අත්තනායක එම්. හේරත් මහතාගෙන්):

ගුණශීල අඹවත්ත මහතා ලියූ දිගාමඬුලු ගුරුගීතය කියනවන තෙක් ම, මා කියැවූ ගුරුවරයෙකු පිළිබඳව ලියැවුණු හොඳ ම පොත වූයේ, රුසියන් මහා ගත්කරු චින්ගීස් අයිත්මාතව් ලියූ ගුරුගීතයයි. මාගේ පමණක් නොව හැත්තෑව දශකයේ පටන් මෙරට බොහෝ පාඨකයින්ගේ වීරයා වූයේ, සදාදරණීය ගුරුවරයා වන දුයිෂෙන් සහ ආදරණීය ශිෂ්‍යාව වන අල්තීනායී ය.

සෑම ගුරුවරයෙකුට ම රජයේ වියදමින් මුද්‍රණය කොට බෙදා දියයුතු මා හැඟි කෘතියක් ලෙස මෙය නම්කරන්නට පුළුවන.







Monday, October 27, 2014

සෙංකොට්ටං / Senkottan

කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉබුල
පරිවර්තනය :
ප්‍රකාශනය : කතෘ ප්‍රකාශන
මිල : රු -300/=
ISBN # : 9789550980000
පිටු :

."උඹට කියන්න,අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ,වංසා රිදී කියල.කුණුහරුප කියවනවා කටේ නොගෑවී .මගෙ ඔන්න ඔය එක පලහිලව්වකදී මගෙ ලගින්ම ඉඳගෙන මෙන්න මේ මං උඹගේ හිත හදන්නවගේ ම මයේ හිත හදන්න හරි හරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වගේ ම මතකෙ තියනවා...ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕනෑ විගඩමක් නැටුවට කමක් නැත්තේ ය හැබැයි ඔය පිරිමි ජාතිය මහා අමුතු ජාතියක් අත නිකං තියා ගෙන ඉන්න උන්ට කිසිම පුරුද්දක් නැත, අන්න ඒ හින්ද උඹ ලග තියෙන ඔය හක්ගෙඩි දෙකයි ,පංචා බෙල්ලයි විතරක් උන්ගේ නොහොබිනාකන් වලට පරිහරණය කරන්න දෙන්න එපා ය කියලා...බලපන් රත්තරනේ,එක මොනතරන් මසුරන් වටිනා කතාවක් ද කියල. ඕනෑම ළමිසියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව මොන තරම් වටිනවද කියල.. "

Saturday, October 18, 2014

අමූර් ගඟ ගලා බසියි

කතෘ Nikoloyi Zadornov
පරිවර්තනය උපාලි රත්නායක
ප්‍රකාශනය කඩුල්ල ප්‍රකාශන
මිල : රු - 650/=
ISBN # : 978 - 955 - 8499 - 86 - 4
පිටු : 593

පොතේ තියෙන විදිහටම
'රෝස විලෝ සහ හේසල් ගස් ගොමුවලින් දෙපස වැසී ගිය තෙරක් නොපෙනෙ යෝධ අමුර් ගඟ ඈත රුසියාවේ ශිත සයිබීරියාවේ ඉමක්‌ කොනක් නැති මහා ටයිගා වනාන්තරය දෙකඩ කර ගලා බසියි . අසම -සම මිනිස් දිරියෙන් යුත් අපුරු ජන පිරිසක් මේ මහා වනය සිය නිවහන ලෙස සිය කැමැත්තෙන්ම තෝරා ගනියි . අහා අමුර් ගඟ, ටයිගාව , මෙහි ජීවිතය මොනතරම් නිදහස්ද ............'

Friday, October 17, 2014

ආලෝෂා

කතෘ : Oleg Tikhomirov
පරිවර්තනය : උපාලි රත්නායක
ප්‍රකාශනය කඩුල්ල ප්‍රකාශන
මිල : රැ 300/= 
ISBN : 978-955-8499-92-4
පිටු : 146

වයස අවුරුදු 15ක් වන රුසියානු දරුවකුගේ ධෛර්යවන්ත  ජීවිතය පිළිබදව අනුවෙදනීය කථාවකි. විටෙක අනුකම්පාවත්, විටෙක ආඩම්බරය මුසු අභිමානයකුත්, විටෙක අන්තරාය මුසු බියකුත්, තවත් විටෙක හදවත කීරි ගසාගෙන යන තරමේ දුකකුත් ඇති වන ලෙස කථාව ගලගෙන යයි.

Thursday, October 16, 2014

මළවුන්ගේ අවුරුදුදා

කතෘ : එදිරිවීර සරච්චන්ද්‍ර
පරිවර්තනය :
ප්‍රකාශනය : එස්. ගොඩගේ සහ සහෝදරයෝ
මිල : රු. 200.00
ISBN : 955 - 20 - 2159 - 6
පිටු : 136

මෙවර පිටපත් වන්නට පෙර තක්සිය ගාවට මා ඇරලවන්නට යැයි මම ඔහුට නොකිවෙමි. මම දිරි ගෙන හුන්නෙමි. ඔහු යන තෙක්, මෙවර ඔහු පෙරලා නැවත එන බව මම සැක නැතිවම දනිමි. මා ඔහු ඇරලූයේ නකජිම සොහොනටය. මගේ පරම්පරාවේ සොහොනටය. ඉන් ඔබ්බෙහිම පියාණොත්, ඥාතිහුත් වෙසෙති. ඔහුන්ගේ සහව්‍යතාවයටය ඔහු යන්නේ. කවදා නමුත් ඔවුන් හා කැටිව ඔහු මෙලොවට එන්නේය. 

එතකොට ඔබ නෑ, ඔබ අද විතරයි ඉන්නේ. අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නම ඉන්නවා. හෙට මම විතරයි. හෙටත්, අනිද්දාටත් කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා, කනවා, බොනවා, වැඩට යනවා, කතා බහ කරනවා, මමත් ඒ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි, ඔබ නෑ“?

මම එබදු වියරු බස් නොදෙඩුවෙමි. එබදු බස් දොඩා ඔහු වෙහෙසන්නේ කුමකටද? ඔහු නිසොල්මන්ව සිටියි. සිත දැඩි කරගෙන, අශ්වාස ප්‍රාශ්වාස පවා නොකර. ඔහුගේ තීරණය අනිවාර්යය. ලෝකයේ ජරා මරණ සේ වෙනස් නොවන නියතතාවයකි ඒ.

,‍“තව කල් දැම්මත් කවදා හරි යන්න එපායැ?  මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්‍‍“

 ඔහුගේ දෙතොලින් මෙබස් කොඳුරන්නා සේ මට දැනුණි. යළිත් ආ හැකි නිසා නොවෙද ඔහු යන්නේ? නොගියොත් යළිත් ආ නොහැකිය. යාම හොඳය. ගොස් ඊමද හොඳය. ලොවැ ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්න බැරිය. නොගොස් එන්න බැරිය. 

දැන් මා පතමින් සිටින්නේ මළවුන්ගේ අවුරුදුදා නොපමාව පැමිණේවා කියාය. මෙවර ඔහු රඳවා ගත නොහැකි නම් මම ද ඔහු කැටුව යන්න සැරසෙන්නෙමි. මළවුන්ගේ අවුරුදු දා මගේ ආසා නුසුන් කොට පැමිණෙන බව මම දනිමි.

ඉක්මනින්ම නැවත එතොත් 
මළවුන්ගේ අවුරුදු දා 
මටත් නැවත එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම

මේ පොතේ අවසානයයි. මේ අවසානය කියවන විට ඇසට කඳුළු නොනගින්නෙක් උගහටය. දුක්ඛාන්ත නවකථාවක් වන මෙය මළගිය ඇත්තෝහි දෙවන කොටසයි. මළගිය ඇත්තෝහි දෙවෙන්දරා සංගේ ප්‍රේමවන්තිය නෙරිකෝ සංගේ ප්‍රකාශනයයි. සරච්චන්ද්‍රයෝ දුක්ඛාන්ත ප්‍රේම කථාවක් ඉතා ප්‍රභලා භාෂා භාවිතයක් මගින් සංවේදීව ඉදිරිපත් කර ඇත. 

සැබෑ පෙම්වතුන්
කිසි දාක එක් නොවේ
එක් වූ කිසිවෙකුත්
සැබෑ පෙම්වතුන් ලෙස 
ජිවත් නොවේ.
වෙන් වී ගියවුන් 
සදා කල් පෙම්වතුන් ලෙසම
ජිවත් වේ.

ලූෂන් බුලත්සිංහල  23/04/2007

නෙරිකෝ සං ද මෙලෙස යැයි සිතේ. රස විඳලම බලන්න.



Monday, October 6, 2014

ප්‍රබුද්ධ

කතෘ : මහගම සේකර
පරිවර්තනය :
ප්‍රකාශනය : ස්ටෑම්‍‍‍ප්‍රෑර්ඩ් ලේක් ප්‍රකාශකයෝ
මිල : රු. 290.00
ISBN : 955 8156 28 0
පිටු : 116

හා එන්න! ප්‍රීති වෙන්න! ගී කියන්න පෙම්බරෝ! 
මේ වගේ සැපක් තවත් ලොවේ තියේද සුන්දරෝ! 
හැම් බේකන් කන්න සල්ලි 
ජින් ෂැම්පෙන් බොන්න සල්ලි්‍
බල්ලෝ මරාලා - හරි - සල්ලි හොයාලා
ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා
හා එන්න! ප්‍රීති වෙන්න! ගී කියන්න පෙම්බරෝ! 
මේ වගේ සැපක් තවත් ලොවේ තියේද සුන්දරෝ! 

සිදුවුනේ අසිරියකි;

බඩ මහත දැඩි පිරිමි
සෙම බරිත තඩි ගැහැණු
කය පුබුදු වී අවුත්
මස සසල කොට නටත්:

කැබලි

කතෘ : බෙන්ජමීන් විල්කොමිර්ස්කි
පරිවර්තනය : රවීන්ද්‍ර විජේවර්ධන
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු. 350.00
ISBN      : 978 955 652 464 2
පිටු : 208

යුදෙව් සංහාරක සාහිත්‍යයේ උද්දීප්තිමත්ව බැබලෙන ළමා මතක කෘති දෙකකි. ඒ එලී විසල්ගේ රාත්‍රීය, හා ඈන් ප්‍රෑන්ක්ගේ “ඈන් ප්‍රෑන්ක්ගේ දිනපොතයි. මේ ඒ ද පරයා යන නට්සි කඳවුරක විසූ ළමයෙකුගේ ඇදහිය නොහැකි මතක වස්තුවකි. 

පෝලන්තය නට්සි ග්‍රහනයට නතුවී යුදෙව්වන් රැස් කිරීම අරඹන විට බින්ජමින් විල්කොමිර්ස්කි කුඩා දරුවකු පමණි. එස් එස් භටයන් කුඩා බින්ජමින්ගේ පිය ඝාතනය කලේ ඔහුගේ ඇස් ඉදිරිපිටමය. අනතුරුව සිය පවුලෙන් වෙන් කරනු ලැබූ ඔහු නැවත හමුවන්නේ විවිධාකාර යුදෙව්වන් ගහන මැජ්ඩනෙක් කඳවුරේදීය. මේ වනවිට ඔහු තුන් හෝ සිව් හැවිරිදිය. මේ හුරුබුහුටි කෘතිය හරහා බෙන්ජමින් අපට විශ්මයාවහ ජිවිතාවලෝකනයක් ගෙනෙයි. ඔහුට ඇත්තේ පිලිවෙලකට ගොනු කරනු ලැබූ මතක පටක් නොවෙයි. ඒවා එකිනෙක අසම්බන්ධිත මතක කැබලිය. සුන්බුන්ය. ඔහුට හරිහැටි බසක් නැත. දර්ශනයක් නැත. ඉල්ලකයක් නැත. මක් නිසාද, ඔහු විවිධ අතෝරයන් හා අණ නියෝග මැද ඇතිදැඩි වූ දරුවකු බැවිනි. ඉදින්, ඔහු ඉදිරිපත් කරණ නොඉඳුල් වදන් කැටි හරහා පාඨක ලොව බලන්නේ ඔහු සේම අහිංසක ළමා ඇසකිනි. ඒ  ළමා ඇස කුඩාය. සියුමැලිය. එහෙත් එය අප මෙහෙයවනුයේ ඔහු විඳි අනේක විධ භීෂණය, ආදරය, දයාව, මිත්‍රත්වය ආදී සංවේදනාවන් ඒ ලෙසම අපත් අත්විඳිමය. සියල්ලටමත් වඩා ඔහු දිවි ගලවාගත් සැටිත්, සැබෑ ලෝකයට සම්ප්‍රාප්ත වීමට ඇවිදගිය වෙහෙසකර ගමනත්, අපත් විශද ලෙස පසක් කර ගැනීමටය. 

කැබලි වූ කලී කඩදාසියක ලියන්නට බැරි කථාන්තරයක් කඩදාසියකින් ලියූ, ජිවිතයට පණ පොවන එහි ගැඹුර, ඛේදය මේ යැයි විදාලන මහා කෘතියකි. ඉන් කියන දේ මේ මොහොත‍ෙත් අප ව‍ටා ගිගුම් දේ.(පොතේ තියන විධියටම)


Friday, October 3, 2014

සියවසක් පවත්නා දවස

කතෘ : චිංගීස් අයිත්මාතෙව්
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
මිල : රු. 600.00
ISBN : 978 955 1559 48 9
පිටු : 495

මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්, නිම්හිම් නැති අභ්‍යාවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ඨ නවකථාව ඉතිහාසය හා පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාද් දෙවන ලොක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය ස්ථානයක සේවය කල වැසියන් පිරිසකගේ ජීවන අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක දෘෂ්ටියකි. එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශයේ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ සංස්කෘතික හා හර පද්ධතින් සජිවි ලෙස ගෙනහැර පානා අතිශය සංවේදී නිර්මාණයකි. (පොතේ විධියටම)

නියමම පොතක්, බියුරාන්නි යෙදිගෙව්, බියුරාන්නි කාරානර් මා සන්තානයේ සදාකල්ම ජිවත් වෙයි, (බියුරාන්නි කියන්නේ හිමකුණාටුව) මැන්කට්වරයෙකු තෑනීම කෙතරම් අමානුෂිකද? (මම නෙට් එටකත් මැන්කර්ට්ලා ගැන හෙව්වා) අයිත්මාතෙව්ගේ අතිශය මානූෂිකවාදී සානුකම්පිත දෘෂ්ටිය ගුල්සාරි පිලිබ‍ඳ ආවර්ජනයේදී මෙන්ම බියුරාන්නි කාරානර් ගැන ආවර්ජනයේදීත් මැනැවින් දෘෂ්‍යයමාන වෙයි. ගුල්සාරි අශ්වයෙකි. බියුරාන්නි කාරානර් ඔටුවෙකි. මධ්‍ය ආසියානු ජනජිවිතය එඬෙර ජිවිතය තුළ කෙතරම් එරී පවතීද යන්න (ආර්යයන් දකුණට සංක්‍රමණය වීමේ සිට) පිලිබිඹු වෙයි. ආරම්භයේදී කොම්සමල්වරයෙකු ලෙස සිට කිර්ගීසියාවේ ජනාධිපති ලෙස මියයන තෙක් අයිත්මාතෙව් විප්ලවය තුළ ජිවත් වීමත්, ස්ටාර්ලින් පාලන සමය තුළ සෝවියට් පාළනය සියුම්ව විවේචනය කිරීමත් මෙහිදි දැක්ක හැක. චිත්තරූප මැවෙන ලෙස මානයන් දෙකක් තුළ සිදුවන කථා දෙකක් දක්වා ඇති අතර, කථානායකයාගේ කථාව ආවර්ජනාත්මක රීතියකින් රචනා කර ඇත. කියවලා බලන්න නියමම පොතක් 


අරණකට පෙම්බැඳ

කතෘ : විභුතිභූෂණ බන්ද්‍යොපාධ්‍යය 
පරිවර්තනය : චින්තා ලක්ෂ්මී සිංහාරච්චි
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු. 350.00
ISBN : 955 96254 2 X 
පිටු : 274

[විභුතිභූෂණ  තරම් අව්‍යජ ලෙසත් චිත්තාකර්ෂණීය ලෙසත්, සභාවික පරිසරය ගැන විස්තර කල වෙනත් ලෙඛකයෙකු නොමැති බව එරට විද්වත්හු පිලිගනිති. මේ ග්‍රන්ථය රචනා කර ඇත්තේ 1937 සිට 1939 දක්වා වූ කාල සීමාව තුළය. මෙයට පසුබිම වී ඇත්තේ ඉන්දියවේ බිහාර් ප්‍රාන්ත්‍රය‍ේ භගල්පූර්හි පිහිටි වනගත වතුයායකි. බුදුන් වහන්සේ වැඩසිටි බුද්ධගයාවට ආසන්න ප්‍රද‍ේශයක් බව කියයුතුය. මෙහි සඳහන් වන විවිධ චරිත අතර වන රැජිනට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. තාරාදාස් ඛනද්‍යොපාධ්‍යාය මෙය හදුන්වන්නේ ශාන්ත පරිසරයකදී ඇසෙන විලම්භ ලයකින් වාදනය වන, වස්දඬුවක මිහිරි ස්වර මාලාවක් ලෙසිනි. 

මිනිසා හා පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින් ද ලගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යෙයන් වර්ණිතය. 

ප.ලි. - (ආයි මොකටද මම හදලා කියන්නේ. පොතේ තියන විධියටම ලිව්වා. ලොවෙත් සුපිරිම පොතක් එකෙන්ම )

බත්තලංගුණ්ඩුව

කතෘ : මංජුල වෙඩිවර්ධන
පරිවර්තනය :
ප්‍රකාශනය : සම ප්‍රකාශනය
මිල : රු. 450.00
ISBN : 978 955 44694 4 0
පිටු : 280

මේ නවකථාව කියවීමෙන් මම විශාල ආස්වාදයක් ලැබුවා. සැබවින්ම අපේ සිංහල නවකථාව ගැන මගේ තියෙන්නේ පුසාදජනක හැගීමක් නොවෙයි. අවුරුදු තිහ හතළිහක කාලයකදී වුනත් විදේශිය නවකථා සමග සංසන්ධනාත්මකව ගත්තොත් උසස් නවකථාවක් සිංහලෙන් ලියවිලා තියනවද කියන ප්‍රශ්නය මට මතුවෙනවා. එහෙම තත්ත්වයක් තුළ මේ බත්තලංගුණ්ඩුව නවකථෘව කියවන්නට ලැබුනට පස්සේ මට විශාල ආස්වාදයක් ලැබුණා. ඒ වගේම පුද්ගලිකය ඔබ මගේ මැනීම විමසුවොත් මම කියනවා මෑත කාලයදී හොඳම නවකථාව බත්තලංගුණ්ඩුව කියලා
- ජයතිලක කම්මැල්ලවීර -

මංජුල ෙවඩිවර්ධන තමන්ගේ නිර්මාණ ජිවිතයේ පළමු මුරගල කරගන්නේ කවියයි. කවියකු ලෙස සිය ශක්‍යතා වර්ධනය කරගන්නා හෙතෙම මාධ්‍යෙව්දියෙකු ලෙස තමන්ගේ අභ්‍යාස සමය යොදාගන්න‍ේ ව්‍යුත්පත්තිය වැඩිදියුණු කරගන්නටය. අත්දැකිමෙන්, අත්විඳිමෙන් මෙන්ම විවිධ සංජානන ඇසුරේ මංජුල කලාකරුවකු ලෙස පරිනත වෙයි. බත්තලංගුණ්ඩුව මේ නවකථාව කලාව භාවිතයේ මියුරු මහර්ඝ ඵලයක් බවට පත්වන්නේ ඔහු සාධනය කරගන්නා එකී සම්පත් හේතුවෙනි. 
- රත්න ශුී විජේසිංහ - 

ලේඛකයෙකුගේ පළමු නවකථාව බත්තලංගුණ්ඩුව තරම් විශිෂ්ඨ නවකථාවක් වන්නේ කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකථාවක් කියවන්නට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. 
- ආචාර්ය ලියනගේ අමරකීර්ති - 

පොත ගැන මේ ඇත්තෝ මෙහෙම ලියලා තියෙද්දි අහිංසක මම මොනවා කියන්නද? වෙඩිවර්ධනගේ මේ පොත ඉතින් වෙඩි වගේ තමා

Thursday, October 2, 2014

සමුදෙන්න මාග‍ේ රිදීදෝලිය

කතෘ : ලිලියන් ලී
පරිවර්තනය : ස්වර්ණ කාන්ති රාජපක්ෂ
ප්‍රකාශනය  : විදර්ශන ප්‍රකාශකයෝ
මිල  : රු. 350 
ISBN : 977 955 1599 13 7 
පිටු : 247

වෙසඟනන්ට හදවත් නැත. නළුවන්ට සදාචාරයක් නැත. ලෝකයා කියන්නේ මෙලෙසය. අබිසරුලිය සයනයට වැද බොරු රැඟුම් මවා පෙන්වන්නීය. නළුවකු වේදිකාව මත හැසිරෙන්නේ උතුම් ගතිතුණ හා චර්යාවන්ගේ සංකේතයක් ලෙසිනි. ඔවුන් වෙතින් ප්‍රකාශ වන ආශාවන් අපගේ එදිනෙදා ඒකාකාරි වූ ජිවිතයේ දුර්වර්ණයන් බඳු නොවෙයි. ඒවා ඉතා විචිත්‍රය. පැහැබරය.

මෙය ඔපෙරාවක් පමණි. නළුවෝ මරණය රඟ දක්වති. තිරය වැසෙයි. අවසානයේ දෙදෙනාම ඉවත්ව යති. එක් නළුවෙක් අනෙකාට තදින් පෙම් කරයි. සැබවින්ම ඔවුන්ගේ කථාව එතඑම් සරළ නැත. එක් පිරිමියෙකු තවෙකෙකුට තදින් පෙම් කරන්නේ නම් එය සරළ වන්නේ නැත. (පොාත් හැටියටම)

1993 කැන්ස් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටියට හිමි සම්මානය සමුදෙන්න මගේ රිදීදෝලිය ට හිමිවිය. වසය අවුරුදු 09දි පීකිං ඔපෙරායට බාරදෙන ඔතෑනි පිරිමි ළමයෙකු තම ළමා කාලයම වේදිකාවේ කථා නායිකාවගේ චරිතය රග දැක්වීම හුරුවීමට කැපකරණ අතර, වැඩිහිටි ජිවිත කාලයම පුරා කථානායිකාවගේ චරිතය වේදිකාව මත දිගහරියි. ළමා කාලය අවසන් වන විට පිරිමි ළමයා සිතුම් පැතුම් හා හදවතින් ස්ත්‍රියක වේ. වේදිකාවේ කථානායකයාට අසීමිතව ප්‍රේම කිරීමත්, ඔහුගේ ගණිකා භාර්යාවට ඊර්ෂ්‍යා කිරීමත් සමකාලීන චීන දේශපාලන පසුබිමත් පදනම් කරගෙන කථාව නිර්මාණය වී ඇත. 


සැන්තියාගෝ නම් සැරිසරන්නා

කතෘ : පාවුලෝ කොය්යෝ
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
මිල : රු. 380
ISBN : 955 8033 59 6
පිටු : 210

නැවත නැවත දකින සිහිනයක් අනුව යමින් සිය ඉරනම ලුහුබැඳ යන එඬෙර කොල්ලෙකුගේ පුවතක ආකාරයෙන් දිග හැරෙන මෙම කථාව මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගලාගියද එය අපේ ජිවිතය වඩ වඩාත් පුළුල් කරලීමේ සමත් අපූර්ව අරුත් දක්වන නිර්මාණයකි. සිහින ලිහිබැඳයාමේ අසිරිය ඇතුළු හඳට සවන්දීමේ වැදගත්කම මෙන්ම දිවිමගෙහි හමුවන දහසකුත් එකක් නිමිති වටහා ගැනීමේ වැදගත්කම මෙමගින් අපූරුවට විදහා දැක්වෙයි.

ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත ස‍්හන් කරණ අාකාරයට පාඨකයන්ගේ ජිවිතය සදහටම වෙනස් කිරීමෙහි සමත් කෘතියක් දශක කිහිපයකට වරක් පළවෙයි. කොය්යෝගේ අග්‍ර කෘතිය වන The Alchemist නම් මේ කෘතිය එවැනි ගුණයකින් හෙබි කෘතියකි. නූතන සම්භාව්‍ය කෘතියක් ලෙස මේ වනවිට අවිව‍ාදයෙන්ම මෙම පිලිගනු ලබයි. ලොව පුරා මේ වනවිට මිලියන 30 ඉක්මවා අලෙවි වී ඇති මෙම කෘතිය මායාව, යථාර්තය, දාර්ශනිකත්වය, ත්‍රාෙසා්න්මාදය, වීරත්වය, ප්‍රේමය යනාදි කොය්යෝගේ ලේඛන සළකුණ මනාව පිලිබිඹු කරයි. (පොතේ තියන විධියටම) 

Wednesday, October 1, 2014

ගෝරා

කතෘ : රවීන්ද්‍රනාථ ඨාකූර්
පරිවර්තනය : චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු. 550
ISBN : 955 652- 042 2
පිටු : 533


මෙම නවකථාව නිසැක වශයෙන්ම තාගෝරයන්ගේ හො‍ඳම නවකථාවයි. හින්දු බ්‍රහ්මණ පවුලක හැදුණු ඉංග්‍රීසි ජාතික තරුණයෙකු හින්දු සමාජයේ මාලන් කෙනෙකු ලෙස ජිවත්වීමත් ඉන්දීය කුල ක්‍රමය අතික්‍රමණය කිරීමට යාමත් වටා ගෙතුණු ග්‍රන්ථයකි. 

ගෝරා යනු හින්දි භාෂාවේ ධවල යන අර්ථය දනවන අතර 20 වන සියවසේ මුල් කාලීන භාරතීය සමාජ සංස්කෘතිය මෙම නවකථාවට පදනම් වී අැති අතර 1908 - 1910 අතර කාලයේ ඉන්දීය සඟරාවක් තුළ මෙය කොටස් වශයෙන් පළවී ඇත.


සමුගනිමු ගුල්සාරී

කතෘ : චිංගීස් අයිත්මාතොව්
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : විදර්ශන පොත්
මිල :  රු. 350.00  
ISBN : 955 8033 46 4
පිටු : 262

සෝවියට් පාලන සමය තුළ බිහිවූ නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ඨතම ගණයේලා සැළකෙන ලේඛකයෙකු ලෙස චිංගීස් අයිත්මාවෙව් අවිවාදයෙන්ම පිලිගනු ලබයි.


සමුගනිමු ගුල්සාරී නම් මේ නවකථාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂි නවකථාවක් සේ සළකනු ලබයි. මිනිසෙකු හා අශ්වයෙකු අතර ඇතිවන අපූර්ව සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකථාව අලීම් කෙෂෝකෝව් නමැති දගෙස්තාන් ලේඛනයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංග්වේගේ මහල්ලා සහ මහමුහුද හා සමවන කෘතියක් ලෙසිනි.  (පොතේ තියන විධියමට)

(සමීර ප්‍රකාශකයෝ විසින් රු. 425 කට මේ පොත එච්.ජයරත්න කියලා කෙනෙක් පරිවර්තනය කරලා තියනවා මේ පාර පොත්  ප්‍රදර්ශනයේදි දැක්කා.)

Tuesday, September 30, 2014

විල්ලරවාඩිය

කතෘ : හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
මිල : 475/=
ISBN : 978-955-677-302-6
පිටු : 312

"විල්ලරවාඩිය" නවකතාව වූ කලී, බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි නිකායික ආගම් අදහන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනවර්ගවල මෙන්ම විවිධ කුල ග්‍රෝත්‍රවලට අයත් ජනයා ජීවත් වන ප්‍රදේශයක පිහිටි ලාංකික ගම්මානයක්, 1948 දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් නාමික නිදහසක් ලබා ගත් අවධියේ සිට වසර විස්සක් දක්වා වූ කාල පරාසයේදී ලංකා සිතියමේ ස්ථාපිත වීම ද ඊට සමගාමීව ලාංකේය සමාජයේ සිදු වූ සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික පෙරළි මෙන්ම හැලහැප්පීම් ද සනිටුහන් කෙරෙන කතා පුවතකි.
කතෝලික ජනතාවක් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයක් පාදක කොටගෙන ඔවුන්ගේ චාරිත්‍ර-වාරිත්‍ර මෙන්ම සමාජීය ජීවිතය හා චින්තනය පිළිබිඹු කරමින් හා ප්‍රශ්න කරමින් රචිත  "විල්ලරවාඩිය"  සිංහල නවකතා ඉතිහාසයේ එවන් ජන ජීවිතයක් ආවරණය කොට ලියැවුණ සුවිශේෂී නවකතාවක් වන්නේය.



පොත ගැන විස්තරය අපිට එවලා තිබුනෙ රුක්ෂිලා වෙත්තමුණි. ඔබට ගොඩක් ස්තුතියි.
පින්තුරය ගත්තෙ මෙතනින්

Sunday, September 28, 2014

යශෝරාවය

කතුවරයා:   සෝමවීර සේනානායක
ප්‍රකාශනය:  දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල:            රු. 250.00 (හයවැනි මුද්‍රණය 2011)
ISBN:       978-955-551-930-4
පිටකවරය: දී. ග. සෝමපාල
පිටු:            182

ප්‍රස්ථාවනාවෙන්:
'යශෝරාවය' නවකතාවට විෂය වන්නේ නාගරික මධ්‍යම පැලැන්තියේ ජීවිතයයි.....
මෙහි එන බොහෝ චරිත අපට එදිනෙදා ජීවිතයේ හමුවන අපේ සිනාවටත් දයාවටත් පත් විය යුතු චරිත ය. එබඳු සමූහයක ගේ ඇවතුම් පැවතුම් දක්වනු සඳහා යෝග්‍ය ශෛලිය ලෙස මා දකින්නේ හාස්‍ය හා උපහාසය මිශ්‍ර ශෛලියකි......
නාගරික මධ්‍යම පැලැන්තියක ඇත්තෝ අතිශයින් ඛේදවාචි දිවි පෙවෙතක් ගෙන යති. ඉහළම පැලැන්තියට ඇතුළු වීමට වරප්‍රසාද නැති මොවුහු පහළ පැලැන්තියට ඇතුළු වීමට අකමැත්තෙන් සිටිති. මේ නිසා ඔවුන් ගේ සිතුම් පැතුම් හා ගති පැවතුම් තුළ ඇත්තේ සෝබර සානුකම්පිත විලාශයකි. මේ ඛේදවාචකයෙන් ගැලවීමට පැලැන්තිය වෙනස් කිරීමක් අවශ්‍ය නො වේ. මිනිසුන් මානසික වශයෙන් සරුසාර වීම ය අවශ්‍ය. මේ බව යශෝරාවයේදී හඟවනු ලබන්නේ බලදේව නමැති පුද්ගලයා විසිනි......(ප්‍රස්ථාවනාව, යශෝරාවය, සෝමවීර සේනානායක)

පොතේ පිටු අතරින්:
"හිටින්ඩ මහත්තය මං එනකං" කී යහෝනිස් සාක්කුවට අත දමා කාසි ගනිමින් මිදුලට බැස නො පෙනී ගියේ ය. මොහොතකින් ඔහු ආපසු ආවේ ඔරේන්ජ් බාර්ලි බෝතලයක් රැගෙන ය.

ඉස්තෝප්පුවෙන් ම ගෙට ඇතුළු වූ ඔහු බෝතලය සුවිමාලිට දුන්නේ "හොඳ වෙලාවට අද උදේ ටොනික් වෑන් එක ඇවිත් තිබුණ" කියමිනි.

මොවුන් කොයි තරම් අව්‍යාජ දැයි බලදේව කල්පනා කළේ ය. මේ කාරිය ම තම ගෙදර සිද්ධ වන්නේ කොතරම් ව්‍යාජ ලෙස ද? අමුත්තෙකු එන සැණින් ම තාත්තා කරන්නේ ප්‍රිජ් එකේ ප්ලග් එක ගැසීමයි. එවිට එය හඬ නගා ක්‍රියා කරයි. ඉක්බිතිව තාත්තා සරම මාරුකොට සෙරෙප්පු පය ලා ගෙන කුස්සිය පැත්තෙන් කඩේ දුවයි.

ඔරේන්ජ් බාර්ලි බෝතලය බෑගයක සඟවා ගෙන කුස්සිය පැත්තෙන් ගෙට රිංගයි. අම්මා එය බන්දේසියක තබා ගෙන අමුත්තා වෙත ගෙන එයි. එවිට අම්මා හෝ තාත්තා මෙසේ ද කියනු අසන්නට ලැබේ.

"බෝතලේ කූල් මදි. කරන්ට් නැතුව තිබිල දැනුයි ආවෙ" (පි.105, යශෝරාවය, සෝමවීර සේනානායක)

පොත ගැන:
1978 වර්ශයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ නවකතාව
ශාස්ත්‍රපති උපාධි නිබන්ධනයක් වශයෙන් පිළිගැනුණු ප්‍රථම සිංහල නවකතාව
ටෙලි නාට්‍යයක් බවට පත් ප්‍රථම සිංහල නවකතාව




 

බලදේවගේ ලෝකය ('යශෝරාවය' නවකතාවේ දෙවැනි කොටස )

කතුවරයා: සෝමවීර සේනානායක
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල:           රු. 250.00 (තෙවන මුද්‍රණය 2009)
ISBN:      955-551-021-0
පිටකවරය: දී. ග. සෝමපාල
පිටු:            151

'පොත ගැන:
යශෝරාවය' නවකතාවේ දෙවැනි කොටස වන මෙය 'වීරසේකර' පවුලේ දූ පුතුන් අරගලයට මුහුණ දෙන ආකාරය තව දුරටත් අප හමුවට ගෙන එයි.


 

සෞම්‍යාලෝකය

කතුවරිය:   සුනේත්‍රා රාජකරුණානායක
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
මිල:           රු. 550.00 (දෙවන මුද්‍රණය 2013 සැප්තැම්බර්)
ISBN:      978-955-573-247-7
පිටු :          452
 


පසු වදන: සෞම්‍යාලෝකය සාම, ශාන්ති හා සහජීවන ප්‍රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බව පෙන්නුම් කරන විසල් දැක්මක පිළිබිඹුවයි. දකුණු ඉන්දියවේ අවස්ථාවදී පටු දේශපාලනයේ විනාශකාරී ගිනි පුලිඟු දෙස බැලිය යුත්තේ දකුණු ඉන්දියානු මනෝ භාවයෙනි. එහෙයින් කතුවරිය දකුණු ඉන්දියාවේ තිරුතංගගිරිය මෙන්ම, වව්නියාව හා අනුරාධපුරය අතර මායිම් ගමක් ලෙස සුධර්මපුරය ද නිර්මාණය කරනුයේ එක හා සමාන මාතෘ සෙනෙහසකිනි.

යුද්ධය මිනිසුන්ගේ ජීවිතවල හැඩය හා වර්ණය පමණක් නොව ඇතැම් විට නම් ගම් ද වෙනස් කළ අයුරු අපි අත් දුටුවෙමු. එහෙත් ඒ නොරිස්සුම් සහගත කෝපාන්විත අනවබෝධයට යටින් ආදර කරුණා ගුණ අංශුවක් හෝ ඉතිරිව තිබිය හැක. එම උතුම් මිනිසත් ගුණ ශේෂය සාම ක්‍රියාන්විතයේ කඩඉම් දියවරයි. භාෂාව ද, ආගමික දර්ශන ද මිනිසුන්ගේ සිත් බිඳින වියරු ප්‍රවේග නොව, සෞම්‍යාලෝකයේ ප්‍රවේශ දොරටු බවට පත් විය යුතුය. (පසු වදන,  සෞම්‍යාලෝකය,   සුනේත්‍රා රාජකරුණානායක)

පොතේ පිටු අතරින්:
"යුද්ධ දිනන්න පුළුවන්. සාමය දිනන්න බෑ. යුද්ධයකින් දිනන මිනිස්සු ඊළඟට ඉගෙන ගන්න ඕන ඒ ආඩම්බරය පැත්තකින් තියල සාමයට යටත් වෙන්න."
ඩැඩී සීයා කී ඒ කතා එකල මට පෙනුණේ මහළු මිනිසකුගේ පණ්ඩිත කතා ලෙස ය. (පි. 107)




 

පොඩි කොලුවයි ගමයි ගඟයි

කතුවරයාසනත් පියසේන
ප්‍රකාශනයසරසවි ප්‍රකාශකයෝ
මිල          රු. 375.00 (තෙවන මුද්‍රණය 2012)
ISBN:      978-955-671-542-2

පසු වදනින්: පොඩි කොලුවයි ගමයි ගඟයි තුළින් අප කළුතර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගම්මානයකට කැඳවාගෙන යයි. එම ගමෙහි ඇත්තන්ගේ ගැමි සුවඳ, හොඳ නරක අපට කියන්නට සලස්වයි.
සනත් පියසේන පනස් වසරක් පමණ අතීතයේ ගමක විත්ති රසවත් ව හෙළි කරයි. මෙම කෘතිය ළමයින්ට ද වැඩිහිටියන්ට ද ආශාවෙන් කියවිය හැකි විත්ති කතා පොතකි. (පසු වදන, සෝමවීර සේනානායක මහතාගෙන්)
Related Posts Plugin for WordPress, Blogger...