Showing posts with label විදර්ශන ප්‍රකාශකයෝ. Show all posts
Showing posts with label විදර්ශන ප්‍රකාශකයෝ. Show all posts

Friday, October 3, 2014

සියවසක් පවත්නා දවස

කතෘ : චිංගීස් අයිත්මාතෙව්
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
මිල : රු. 600.00
ISBN : 978 955 1559 48 9
පිටු : 495

මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්, නිම්හිම් නැති අභ්‍යාවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ඨ නවකථාව ඉතිහාසය හා පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාද් දෙවන ලොක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය ස්ථානයක සේවය කල වැසියන් පිරිසකගේ ජීවන අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක දෘෂ්ටියකි. එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශයේ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ සංස්කෘතික හා හර පද්ධතින් සජිවි ලෙස ගෙනහැර පානා අතිශය සංවේදී නිර්මාණයකි. (පොතේ විධියටම)

නියමම පොතක්, බියුරාන්නි යෙදිගෙව්, බියුරාන්නි කාරානර් මා සන්තානයේ සදාකල්ම ජිවත් වෙයි, (බියුරාන්නි කියන්නේ හිමකුණාටුව) මැන්කට්වරයෙකු තෑනීම කෙතරම් අමානුෂිකද? (මම නෙට් එටකත් මැන්කර්ට්ලා ගැන හෙව්වා) අයිත්මාතෙව්ගේ අතිශය මානූෂිකවාදී සානුකම්පිත දෘෂ්ටිය ගුල්සාරි පිලිබ‍ඳ ආවර්ජනයේදී මෙන්ම බියුරාන්නි කාරානර් ගැන ආවර්ජනයේදීත් මැනැවින් දෘෂ්‍යයමාන වෙයි. ගුල්සාරි අශ්වයෙකි. බියුරාන්නි කාරානර් ඔටුවෙකි. මධ්‍ය ආසියානු ජනජිවිතය එඬෙර ජිවිතය තුළ කෙතරම් එරී පවතීද යන්න (ආර්යයන් දකුණට සංක්‍රමණය වීමේ සිට) පිලිබිඹු වෙයි. ආරම්භයේදී කොම්සමල්වරයෙකු ලෙස සිට කිර්ගීසියාවේ ජනාධිපති ලෙස මියයන තෙක් අයිත්මාතෙව් විප්ලවය තුළ ජිවත් වීමත්, ස්ටාර්ලින් පාලන සමය තුළ සෝවියට් පාළනය සියුම්ව විවේචනය කිරීමත් මෙහිදි දැක්ක හැක. චිත්තරූප මැවෙන ලෙස මානයන් දෙකක් තුළ සිදුවන කථා දෙකක් දක්වා ඇති අතර, කථානායකයාගේ කථාව ආවර්ජනාත්මක රීතියකින් රචනා කර ඇත. කියවලා බලන්න නියමම පොතක් 


Related Posts Plugin for WordPress, Blogger...