Wednesday, February 22, 2023

මලගිය ඇත්තෝ

කතෘ : එදිරිවීර සරච්චන්ද්‍ර
පරිවර්තනය :
ප්‍රකාශනය : සරච්චන්ද්‍ර ප්‍රකාශන
මිල : රු. 180.00
ISBN : 978 - 955 - 8508 -09 - 1
පිටු : 128 
දෙවෙන්දරා සං! දෙවෙන්දරා සංගේ කථාව මලගිය ඇත්තෝයි. ඇතැම් සිංහල විචාරකයන් විරාගයෙහි අරවින්ද, චරිත තුනක් හි ඉසා මෙන්ම මලගිය ඇත්තෝහි දෙවෙන්දරා සං සිංහල සාහිත්‍යයේ බිහිවූ නිශ්ක්‍රීය චරිත ලෙස හුවා දක්වයි.



Tuesday, November 25, 2014

ඈන් - 1 අරඹෙ ගෙදර ඈන්

Anne of Green Gables
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය  : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල             : රු. 350.00 (දෙවන මුද්‍රණය 2003)
ISBN         : 955-551-236-1
පිටු              : 348
 
කතුවරිය ගැන
 
හාස්‍යොත්පාදක චරිත නිර්මාණය අතින් ශ්‍රෙෂ්ඨ ඉංග්‍රීසි නවකතා කතුවරයකු වූ චාල්ස් ඩිකන්ස්ට බොහෝදුරට සමීප වන ලුසී මෝඩ් මොන්ට්ගොමරි (1874 - 1942) කැනේඩියානු ජාතික ගත් කතුවරියකි. ඇගේ චරිත නිර්මාණයෙහි කැපී පෙනෙන අංගයක් වනුයේ ඉතා සුළු චරිතයක් තුළ වුවද දක්නට ලැබෙන හාස්‍යොත්පාදක ලක්ෂණ ප්‍රබල වාචික චිත්‍රයකට නංවා එය පාඨක සිත් තුළ නොමැකෙන අයුරින් සටහන් කිරීමයි.
විශ්ව විද්‍යාලයීය උපාධියක් ලැබීමෙන් පසු ගුරු වෘත්තියට පිවිසි මොන්ට්ගොමරි කවි හා කෙටි කතා රචනයෙහිද කැපී පෙනෙන කුසලතා දැක්වූ කතුවරියකි. (පෙරවදනින්, ඇන් - 1 : අරඹෙ ගෙදර ඈන්, ප්‍රේමසිරි මාහිංගොඩ) 
 
ඈන් කතා මාලාව ගැන
 
ඈන් කතා මාලාවට පසුබිම් වී ඇත්තේ කතුවරිය උපත ලැබූ එඩ්වර්ඩ් කුමාර දිවයින (Prince Edward Island)
යි. එය කැනඩාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටා ඇත. කතාව ගොඩ නඟා ඇත්තේ ඇය හැදුණු වැඩුණු පරිසරය තුළය. පළමුවෙන්ම 1925 දී ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතියෙන් එකල එහි වූ අධ්‍යාපන ක්‍රමය, සමාජ සංස්ථා, සිරිත්-විරිත්, ආකල්ප හා මුදල් භාවිතය ආදිය නිරූපණය කැරෙයි. 'ඈන්' චරිතය අපට පළමු වරට හමුවනුයේ "ඈන් ඔෆ් ග්‍රීන් ගේබ්ල්ස්" කතාව තුළිනි. ඉක්බිති එම චරිතයේ විවිධ අවස්ථා අලලා තවත් කතා නවයක් කතුවරිය විසින් නිර්මාණය කොට ඇත. (පෙරවදනින්, ඈන් - 1 : අරඹෙ ගෙදර ඈන්, ප්‍රේමසිරි මාහිංගොඩ)
 
පොත ගැන

මා පියන් නොදුටු අනාත දැරියක වූ ඈන්ට නොසිතූ විරූ ලෙස නිවසක් ලැබීමත්, ඇගේ ළමා වියත් අලලා ලියැවුණු මෙම කෘතිය මෙම පොත් පෙළෙහි පළමුවැන්න ය. මනෝ ලෝකයක ජීවත් වීමට දක්ෂ ඈන් බොහෝ ලෙස කතා කරන, සමාජ ආශ්‍රයට ප්‍රිය කරන උද්‍යෝගමත් දැරියකි.
 

     


  
 



 
 
 

ඈන් - 2

Anne of Avonlea
කතුවරිය      : Lucy Maud Montgomery

පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල             : රු. 280.00 (ප්‍රථම මුද්‍රණය  2002)
ISBN         : 955-551-283-3
පිටු             : 271

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි දෙවැනි පොත යි.රැජින ගුරු විදුහලේ පුහුණුවෙන් පසුව ඈන් ගමේ පාසලේ ගුරුවරියක ලෙස කටයුතු කරන කාලයේ සිදුවීම් සහ ඉදිරි ජීවිතය පිළිබඳ ඇය ඇති කරගන්නා බලාපොරොතු ඇතුළත් රසවත් සිදුවීම් පෙළකින් මෙම පොත සමන්විතය.





 
 

Monday, November 24, 2014

ඈන් - 3 සරසවියට ගිය ගමේ කෙල්ල

Anne of the Island
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 260.00 (ප්‍රථම මුද්‍රණය 2009)
ISBN             : 955-551-316-3
පිටු                : 239

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි තෙවැනි පොත යි.
ඈන් රෙඩ්මන්ඩ් සරසවියට ඇතුළු වීමේ වරම් ලැබීමත්, එහිදී හමුවන මිතුරියන් හා ගෙවන සුන්දර නේවාසික ජීවිතයත් මෙම පොතෙහි විස්තර කර ඇත.
ගමේ පාසලේදී එකම පන්තියේ උගත්, ඈන්ගේ සමීපම මිතුරකු වූ, ඇයත් සමගම සරසවි වරම් ලැබූ ගිල්බර්ට් බ්ලයිත් ඇය ඔහුගේ පෙම්වතිය කැරැගැනීමට අපේක්ෂා කළත් ඇය ඔහුගේ ඇසුර පතන්නේ අවංක මිතුරකු ලෙසට විනා පෙම්වතකු ලෙස නොවේ. ඈන් වෙනත් සරසවි සිසුවකු වූ රෝයි පිළිබඳ උනන්දු වෙයි. ඇත්තෙන්ම ඈන් යටි සිතෙන් ආදරය කරන්නේ ඔවුන් දෙදෙනාගෙන් කාටද? ඇගේ මනෝ ලෝකයේ පෙම්වතා සැසඳෙන්නේ කා සමගද? ඇත්තෙන්ම ඇය තෝරා ගන්නේ රෝයි ද? ගිල්බර්ට් ද? (පසුවදන ඇසුරෙන්)
 


  

 

ඈන් - 4 තුන් අවුරුද්ද

Anne of Windy Willows
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 280.00 (තෙවැනි මුද්‍රණය 2009)
ISBN            : 978-955-551-695-2
පිටු               : 223

පොත ගැන
මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හතර වන පොත යි. රෙඩ්මන්ඩ් සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් ඈන් සමර්සයිඩ් හි උසස් පාසලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන තුන් අවුරුද්දක රසබර සිදුවීම් මෙම පොතෙහි ඇතුළත් ය. ඈන් එහි විදුහල්පතිනිය වශයෙන් පැමිණීම නුරුස්සන ගමේ බලවත් පිරිසක් වූ ප්‍රිංගල් පවුල් මුලදී ඇයට විරුද්ධකම් කළත් අවසානයේ අහඹු සිද්ධියක් නිසා ඈන්ට ප්‍රිංගල් ප්‍රජාව සිය අත යටට ගැනීමට හැකි වේ.



   

ඈන් - 5 සිහින මන්දිරය

Anne's House of Dreams
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම

මිල                  : රු. 250.00 (සිව්වැනි මුද්‍රණය 2010)
ISBN                : 978-955-551-757-7
පිටු                  : 212


පොත ගැන
මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි පස්වැනි පොත යි. ඈන් ගිල්බර්ට් සමග විවාහ වීමෙන් පසු අලුත් නිවහනක ගෙවන සුන්දර කාලය මෙම පොතෙහි විස්තර වේ.

පසු වදන
දහ හතර වසරක පමණ කාලයක් තමා ජීවත් වූ අරඹෙ ගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි "සිහින මන්දිරය"යි. ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.

"සිහින් මන්දිරයේ" ජීවත් වන කාලය තුළ දී ඇයට මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද?



      

ඈන් - 6 මව සහ දරුවෝ


Anne of Ingleside
කතුවරිය      : Lucy Maud Montgomery  
පරිවර්තනය  : ප්‍රේමසිරි මාහිංගොඩ
ප්‍රකාශනය     : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 220.00 (ප්‍රථම මුද්‍රණය 2004)
ISBN          : 955-551-353-8
පිටු                : 199

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හය වැනි පොත යි. ඈන් ඇගේ කුඩා දරුවන් සමග ගෙවන සුන්දර කාලයත්, ඔවුන්ගේ සිතුම් පැතුම් අවබෝධ කරගනිමින් ආදරණීය මවක ලෙස ගෙවන කාලයත් මෙම පොතෙහි විස්තර වේ.


 
Related Posts Plugin for WordPress, Blogger...