Sunday, November 9, 2014

දිගා මඬුලු ගුරු ගීතය

කතුවරයා: ගුණශීල අඹවත්ත
ප්‍රකාශනය: කර්තෘ ප්‍රකාශනයකි
මිල: රු. 380.00 (තෙවන මුද්‍රණය - 2011)
ISBN: 978-955-52806-0-0

පිටු: 256
පිටකවරය: ශාන්ත කේ. හේරත්

පොත ගැන:
අවහිරතා, අභියෝග මැද පාසලක් සාදා රජයට පවරා දෙමින් ගුරු සේවයට පිවිසි ගුණශීල අඹවත්ත මහතාගේ ගුරු ජීවිතයේ එක් යුගයක් අළලා ඔහු විසින් ලියන ලද මෙම ග්‍රන්ථය ඔහු ගුරු සේවයේදී මුහුණ දුන් සත්‍ය සිදුවීම් වලින් සමන්විතය.

අවුරුදු විස්සක තරම් ලාබාල වියේදී ගම්පොළ, නාවලපිටිය ආශ්‍රිත ගම්මානයක පාසලක් සාදා රජයට පවරා දුන් කාලයේත්, එයින් රජයේ ගුරු පත්වීමක් ලබා පළමුව සේවයට වාර්තා කළ දිගාමඬුල්ල ප්‍රදේශයේ පාසලේ අභිවෘද්ධියට කටයුතු කළ කාලයේත් රසවත් සිද්ධි දාමයක් මෙහි ඇතුළත් වේ.

පසු වදනින් (අත්තනායක එම්. හේරත් මහතාගෙන්):

ගුණශීල අඹවත්ත මහතා ලියූ දිගාමඬුලු ගුරුගීතය කියනවන තෙක් ම, මා කියැවූ ගුරුවරයෙකු පිළිබඳව ලියැවුණු හොඳ ම පොත වූයේ, රුසියන් මහා ගත්කරු චින්ගීස් අයිත්මාතව් ලියූ ගුරුගීතයයි. මාගේ පමණක් නොව හැත්තෑව දශකයේ පටන් මෙරට බොහෝ පාඨකයින්ගේ වීරයා වූයේ, සදාදරණීය ගුරුවරයා වන දුයිෂෙන් සහ ආදරණීය ශිෂ්‍යාව වන අල්තීනායී ය.

සෑම ගුරුවරයෙකුට ම රජයේ වියදමින් මුද්‍රණය කොට බෙදා දියයුතු මා හැඟි කෘතියක් ලෙස මෙය නම්කරන්නට පුළුවන.







No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...