Monday, October 27, 2014

සෙංකොට්ටං / Senkottan

කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉබුල
පරිවර්තනය :
ප්‍රකාශනය : කතෘ ප්‍රකාශන
මිල : රු -300/=
ISBN # : 9789550980000
පිටු :

."උඹට කියන්න,අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ,වංසා රිදී කියල.කුණුහරුප කියවනවා කටේ නොගෑවී .මගෙ ඔන්න ඔය එක පලහිලව්වකදී මගෙ ලගින්ම ඉඳගෙන මෙන්න මේ මං උඹගේ හිත හදන්නවගේ ම මයේ හිත හදන්න හරි හරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වගේ ම මතකෙ තියනවා...ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕනෑ විගඩමක් නැටුවට කමක් නැත්තේ ය හැබැයි ඔය පිරිමි ජාතිය මහා අමුතු ජාතියක් අත නිකං තියා ගෙන ඉන්න උන්ට කිසිම පුරුද්දක් නැත, අන්න ඒ හින්ද උඹ ලග තියෙන ඔය හක්ගෙඩි දෙකයි ,පංචා බෙල්ලයි විතරක් උන්ගේ නොහොබිනාකන් වලට පරිහරණය කරන්න දෙන්න එපා ය කියලා...බලපන් රත්තරනේ,එක මොනතරන් මසුරන් වටිනා කතාවක් ද කියල. ඕනෑම ළමිසියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව මොන තරම් වටිනවද කියල.. "

2 comments:

  1. නියම පොතක්, හැබැයි අවසානය ටිකක් අභව්‍යයි වගෙ

    ReplyDelete
    Replies
    1. මේක ෆෙස්බූක් එකේ තිබිල හම්බ උනෙ. ලියල තිබුනෙ "නෙරන්ජි ඒකනයක" කියල කෙනෙක්. ලස්සනයි කියල හිතුන නිසා කොපි කරල තිය ගත්තා. කියවල බලන්නකො හොඳ ද කියල මෙ අවසානය.

      මහින්ද ප්‍රාසාද් මස්ඉඹුල මහතා දුටු රිදීවිට චරිත අතරින් භෞතිකව මිදී කොළඹ මුල් බැසගත් වික්ටර් සුරතිස්සට මෙසේ ලියා යවමි.

      "2006 සැප්තැම්බර් 30 වනදා නාගොල්ල වලව්වේ සිට,

      කිඹොල්කැටියේ ඥාණවිමල හිමිගෙන් ලද තොරතුරකට ලියමි.

      මේ ලිපිය ලියන මගේ නම, රවින්ද්‍ර සිරිවර්ධන යැයි පැවසුවහොත් ඔබට එය බොහෝ නුහුරු වන බැවින් නාගොල්ල වලවුවේ සුදු අප්පු ලෙස මම ඔබට පළමුව මා හඳුන්වා දෙන්නෙමි.

      මම උපන්නේ නාගොල්ල වලව්වේ ය. මාගේ පියා පිල්ප් සිරිවර්ධනය. එය මගේ පියාගේ, හැබෑ නම නොවන බව දන්නා අය සියල්ලෝම පාහේ දැන් මිය පරලොව ගොස් ය. හදිසි හෘදයාබාධයකින් සැට හැවිරිදි වියේදී ඔහුද කලුරිය කළ ඇවෑමෙන්, සිරිවර්ධනවරු මිස, වහුම්පුරය පරම්පරාවේ, පෙබානිස් ගැන දන්නා අයෙක් සිටිති යැයි, මම නොඅදහමි.

      මගේ පියා පෙබානිස් ය. දැන් ඔබට ඒ කවුදැයි ගැටලුවක් මතුවී ඇතැයි මම සිතමි. ඔබගේ මෑණියන්ගේ එකම නැඟණිය වන හීං රිදී හෙවත් මහ හාමිනේ පිලිප් සිරිවර්ධන වූ පෙබානිස් ගේ මව් ය. බාබානිස් හෙවත් අපේ සීයා තරුණ වියේදීම මිය පරලොව යාමෙන් පසු, මගේ අත්තම්මා වන හී රිදී තම එකම පුතු දුක සේ හදා වඩා ගත් බව මට අත්තම්මා කුඩා කල පවසා ඇත.

      මගේ පියා වන පෙබානිස් වයම අවුරුදු පහළවක් තරම් කාලයේ කොළඹට පැන ගොස්, වෙළෙන්දෙක් වී ගමට පැමිණි බවත්, සින්න වීමට යමින් තිබූ නාගොල්ල වලව්ව, සිනක්කර මුදලට ගත් බවත්, වර්තමානයේ මෙහි සිටිනා බොහෝ අය නොදනිති. නාගොල්ල අප්පොලාට සිදුවන අවනම්බුවෙන් බේරීමට, ඔවුන්ගේ ඉල්ලීම පිටම, එම පවුලේ, බාල දියණිය විවාහ කරගත් මගේ පියා, පිලිප් සිරිවර්ධන වූයේ එතැන් පටන් ය. තරුණ කල නොවිදිනා දුක් විඳි හීං රිඳී අත්තම්මාද මිය පරලොව ගියේ රන් සිවි ගෙයකින් මහ හාමිනේ ලෙසය.

      දැන් මට ඔබට මහප්පා කිව හැකියැයි මම සිතමි. වික්ටර් මහප්පේ මී මුත්තා ගෙනා කුඩා බෝ පැලය අද මහා වෘක්ෂයකි. නම් ගම් වෙනස් වුවද, ඒ ආවතේව කරනුයේ අපේම රුධිර ජාන මිස අන් පරම්පරාවක් නොවන බව දැන ගැනීමෙන්, ඔබ සතුටු වෙනු ඇතැයි සිතමි.

      මිනිසුන් ගෙන් ගැහැට විඳගෙන , අහු කොන් වල දුක් විඳ විඳ, අනුරාධපුරයෙන් ගෙනා වීරප්පුලි හේනයාගේ බෝ පැලයට, අද තම දරුවන්ගේ විභාග සමත් කර දෙන ලෙස අඬා හැපෙනුයේ , එදා ඔබ මෙන්ම මගේ පියාටද පාසලේ දෘෂ්ටි මාත්‍රය පවා අහිමි කළ මිනිසුන්ගේ පසු පරම්පරාව මහප්පා මතක තියා ගනු ඇතැයි සිතමි.

      එහෙත්, මගෙන් පරම්පරා දෙක තුනකට පසුව මෙන්ම, ඔබෙන්ද පරම්පරා කිහිපයකට පසුවද අපේ මුල් ගැන වෙනත් උන් නොව අඩුම තරමේ අපේ අය හෝ දැන ගනු ඇතැයි මට විශ්වාස කළ නොහැක.

      එහෙත්, ඔවුන්ගේ ජාන වල පවතින අවිඥාණික හැඟීම් සමුදායක් ඒ අපුරු වූ සුවඳේ කතන්දරය ඔවුන්ගේ යටි හිතට ස්පර්ශ කරවනු ඇත.

      මම
      පුත්,
      රවින්ද්‍ර සිරිවර්ධන
      (නාගොල්ල වලව්වෙ සුදු අප්පො)"

      Delete

Related Posts Plugin for WordPress, Blogger...