කතෘ | : එදිරිවීර සරච්චන්ද්‍ර |
පරිවර්තනය | : |
ප්‍රකාශනය | : එස්. ගොඩගේ සහ සහෝදරයෝ |
මිල | : රු. 200.00 |
ISBN | : 955 - 20 - 2159 - 6 |
පිටු | : 136 |
මෙවර පිටපත් වන්නට පෙර තක්සිය ගාවට මා ඇරලවන්නට යැයි මම ඔහුට නොකිවෙමි. මම දිරි ගෙන හුන්නෙමි. ඔහු යන තෙක්, මෙවර ඔහු පෙරලා නැවත එන බව මම සැක නැතිවම දනිමි. මා ඔහු ඇරලූයේ නකජිම සොහොනටය. මගේ පරම්පරාවේ සොහොනටය. ඉන් ඔබ්බෙහිම පියාණොත්, ඥාතිහුත් වෙසෙති. ඔහුන්ගේ සහව්‍යතාවයටය ඔහු යන්නේ. කවදා නමුත් ඔවුන් හා කැටිව ඔහු මෙලොවට එන්නේය.
එතකොට ඔබ නෑ, ඔබ අද විතරයි ඉන්නේ. අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නම ඉන්නවා. හෙට මම විතරයි. හෙටත්, අනිද්දාටත් කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා, කනවා, බොනවා, වැඩට යනවා, කතා බහ කරනවා, මමත් ඒ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි, ඔබ නෑ“?
මම එබදු වියරු බස් නොදෙඩුවෙමි. එබදු බස් දොඩා ඔහු වෙහෙසන්නේ කුමකටද? ඔහු නිසොල්මන්ව සිටියි. සිත දැඩි කරගෙන, අශ්වාස ප්‍රාශ්වාස පවා නොකර. ඔහුගේ තීරණය අනිවාර්යය. ලෝකයේ ජරා මරණ සේ වෙනස් නොවන නියතතාවයකි ඒ.
,“තව කල් දැම්මත් කවදා හරි යන්න එපායැ? මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්“
ඔහුගේ දෙතොලින් මෙබස් කොඳුරන්නා සේ මට දැනුණි. යළිත් ආ හැකි නිසා නොවෙද ඔහු යන්නේ? නොගියොත් යළිත් ආ නොහැකිය. යාම හොඳය. ගොස් ඊමද හොඳය. ලොවැ ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්න බැරිය. නොගොස් එන්න බැරිය.
දැන් මා පතමින් සිටින්නේ මළවුන්ගේ අවුරුදුදා නොපමාව පැමිණේවා කියාය. මෙවර ඔහු රඳවා ගත නොහැකි නම් මම ද ඔහු කැටුව යන්න සැරසෙන්නෙමි. මළවුන්ගේ අවුරුදු දා මගේ ආසා නුසුන් කොට පැමිණෙන බව මම දනිමි.
ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම
මේ පොතේ අවසානයයි. මේ අවසානය කියවන විට ඇසට කඳුළු නොනගින්නෙක් උගහටය. දුක්ඛාන්ත නවකථාවක් වන මෙය මළගිය ඇත්තෝහි දෙවන කොටසයි. මළගිය ඇත්තෝහි දෙවෙන්දරා සංගේ ප්‍රේමවන්තිය නෙරිකෝ සංගේ ප්‍රකාශනයයි. සරච්චන්ද්‍රයෝ දුක්ඛාන්ත ප්‍රේම කථාවක් ඉතා ප්‍රභලා භාෂා භාවිතයක් මගින් සංවේදීව ඉදිරිපත් කර ඇත.
සැබෑ පෙම්වතුන්
කිසි දාක එක් නොවේ
එක් වූ කිසිවෙකුත්
සැබෑ පෙම්වතුන් ලෙස
ජිවත් නොවේ.
වෙන් වී ගියවුන්
සදා කල් පෙම්වතුන් ලෙසම
ජිවත් වේ.
ලූෂන් බුලත්සිංහල 23/04/2007
නෙරිකෝ සං ද මෙලෙස යැයි සිතේ. රස විඳලම බලන්න.
No comments:
Post a Comment