Monday, November 24, 2014

ඈන් - 4 තුන් අවුරුද්ද

Anne of Windy Willows
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ 
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 280.00 (තෙවැනි මුද්‍රණය 2009)
ISBN            : 978-955-551-695-2
පිටු               : 223

පොත ගැන
මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හතර වන පොත යි. රෙඩ්මන්ඩ් සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් ඈන් සමර්සයිඩ් හි උසස් පාසලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන තුන් අවුරුද්දක රසබර සිදුවීම් මෙම පොතෙහි ඇතුළත් ය. ඈන් එහි විදුහල්පතිනිය වශයෙන් පැමිණීම නුරුස්සන ගමේ බලවත් පිරිසක් වූ ප්‍රිංගල් පවුල් මුලදී ඇයට විරුද්ධකම් කළත් අවසානයේ අහඹු සිද්ධියක් නිසා ඈන්ට ප්‍රිංගල් ප්‍රජාව සිය අත යටට ගැනීමට හැකි වේ.



   

ඈන් - 5 සිහින මන්දිරය

Anne's House of Dreams
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම

මිල                  : රු. 250.00 (සිව්වැනි මුද්‍රණය 2010)
ISBN                : 978-955-551-757-7
පිටු                  : 212


පොත ගැන
මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි පස්වැනි පොත යි. ඈන් ගිල්බර්ට් සමග විවාහ වීමෙන් පසු අලුත් නිවහනක ගෙවන සුන්දර කාලය මෙම පොතෙහි විස්තර වේ.

පසු වදන
දහ හතර වසරක පමණ කාලයක් තමා ජීවත් වූ අරඹෙ ගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි "සිහින මන්දිරය"යි. ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.

"සිහින් මන්දිරයේ" ජීවත් වන කාලය තුළ දී ඇයට මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද?



      

ඈන් - 6 මව සහ දරුවෝ


Anne of Ingleside
කතුවරිය      : Lucy Maud Montgomery  
පරිවර්තනය  : ප්‍රේමසිරි මාහිංගොඩ
ප්‍රකාශනය     : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල               : රු. 220.00 (ප්‍රථම මුද්‍රණය 2004)
ISBN          : 955-551-353-8
පිටු                : 199

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හය වැනි පොත යි. ඈන් ඇගේ කුඩා දරුවන් සමග ගෙවන සුන්දර කාලයත්, ඔවුන්ගේ සිතුම් පැතුම් අවබෝධ කරගනිමින් ආදරණීය මවක ලෙස ගෙවන කාලයත් මෙම පොතෙහි විස්තර වේ.


 

ඈන් - 7 දේදුනු නිම්නය

Rainbow Valley
කතුවරිය      : Lucy Maud Montgomery
පරිවර්තනය  : ප්‍රභාත් මිරිහාගල්ල
ප්‍රකාශනය    : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල              : රු. 400.00 (ප්‍රථම මුද්‍රණය 2013)
ISBN         : 978-955-686-180-8පිටු : 199

පොත ගැන

මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හත් වැනි පොත යි. ඈන්ගේ දරුවන්ගේ ළමා කාලයත් ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳවත් මේ පොතෙන් විස්තර වේ.





 
 



 

Tuesday, November 11, 2014

සූරිය කුසුම

කතෘ : චූලාභය ශාන්ත කුමාර හේරත්
පරිවර්තනය :
ප්‍රකාශනය : සුරස ප්‍රකාශන (ෆාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ්)
මිල : රු -500
ISBN # : 9789556773620


නොගැලපෙන විවාහයක් නිසා පවුල් පවුරෙන් නික්ම විදෙස් ගතවූ සොහොයුරා සිය බිරිඳත් සමග පැමිණි විට ඔහුගේම වැඩිමහල් සොහොයුරා විසින් අනුබල දුන්  ඝාතනයකට ගොදුරුවීමත් පෙර වාසනාවකට දිවි බේරුනා සිඟිති දියණිය අනාථ නිවාසයක හැදි වැඩී තුරුණු විය එලැඹීමත් සමග තම දෙමව්පියන්ට සිදුවූ ඛේදනීය ඉරණමට වගකිවයුත්තන් සොයා යන දිරිය දියණියකගේ සංවේදී කතාන්දරය සරල බසින් පාඨක රුචිය වඩවන අයුරින් රචිතය.

කරුමක්කාර කතාවක්


කතෘ: ගබි‍්‍රයෙල් ගාර්ෂියා මාකේස්
පරිවර්තනය: ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය: රාවය ප්‍රකාශන
මිල: රු -270 






ගබි‍්‍රයෙල් ගාර්ෂියා මාකේස් විසින් ස්පාඤ්ඤ බසින් රචිත Crónica de una muerte anunciada කෘතියේ ඉංග්‍රිසි පරිවර්තනය වන Chronicle of a Death Foretold හි සිංහල පරිවර්තනයයි.   

ආරම්භක ඡෙදය - (ඔවුන්) ඔහු මරන්නට යන දා උදෑසන සන්තියාගෝ නසාර් අවදි වූයේ පහයි තිහට ය.ඒ, එදා බෝට්ටුවකින් නගරය වෙත ඒමට නියමිත ව සිටි අගරදගුරු තුමා දැක ගැනීමට ය. මුදු පොද වැස්සක් ඇද හැලෙද්දී සුවිසල් ගසින් හෙබි අරඹක් හරහා තමා ඇවිද එනු ඔහු එදා ? සිහිනෙන් දුටුවේ ය. එක මොහොතකට ඒ සිහිනය තුළ ඔහු පී‍්‍රතියෙන් පිනා ගියේ ය. එහෙත් අවදි වු සැණින් ඔහුට දැනුණේ කුරුල්ලන්ගේ මළ මුත‍්‍රයෙන් සිය ඇඟ නැහැවී ඇති සෙයකි. ‘එයා නිතරම ගස් ගැන හීන දකිනවා’ යි ඔහුගේ මව ප්ලිසිදා ලිනේරෝ ඒ අප‍්‍රසන්න සඳුදාව ගැන සිහිපත් කරමින් ඊට වසර විසි පහකට පසු දිනෙක මට කීවා ය. ‘ඊට සුමානෙකට කලින් පුතා හිනයක් දැක්කා. තුනී බෙලෙක් තහඩුවලින් හදාපු අහස් යාත‍්‍රාවක තනියම නැගිලා කොට්ටම්බා ගස් මැද්දෙන් පියාඹනවා කිසිම දේක හැප්පෙන්නේවත් නැතිව.’ මව තවදුරටත් කීවා ය.අනුන්ගේ සිහිනවල පලාපල නිවැරදි ව කියන තැනැත්තියක් සේ ඇය ඉතා ප‍්‍රකට ය. එහෙත් ඈට එසේ කළ හැකි වන්නේ සිහින ගැන කෑමට පෙර පැවසුවොත් පමණ ය. කෙසේවෙතත් තමන්ගේ ම පුතා දුටු ඉහත කී සිහින දෙකෙන්වත්, ඔහුගේ මරණයට කලින් ඔහුඈට කියා තිබූ ගස් පිළිබඳ වෙනත් සිහිනයන්ගෙන්වත් කිසි අනිටු පෙර නිමිත්තක් දැකීමට ඈට නොහැකි විය.


Sunday, November 9, 2014

දිගා මඬුලු ගුරු ගීතය

කතුවරයා: ගුණශීල අඹවත්ත
ප්‍රකාශනය: කර්තෘ ප්‍රකාශනයකි
මිල: රු. 380.00 (තෙවන මුද්‍රණය - 2011)
ISBN: 978-955-52806-0-0

පිටු: 256
පිටකවරය: ශාන්ත කේ. හේරත්

පොත ගැන:
අවහිරතා, අභියෝග මැද පාසලක් සාදා රජයට පවරා දෙමින් ගුරු සේවයට පිවිසි ගුණශීල අඹවත්ත මහතාගේ ගුරු ජීවිතයේ එක් යුගයක් අළලා ඔහු විසින් ලියන ලද මෙම ග්‍රන්ථය ඔහු ගුරු සේවයේදී මුහුණ දුන් සත්‍ය සිදුවීම් වලින් සමන්විතය.

අවුරුදු විස්සක තරම් ලාබාල වියේදී ගම්පොළ, නාවලපිටිය ආශ්‍රිත ගම්මානයක පාසලක් සාදා රජයට පවරා දුන් කාලයේත්, එයින් රජයේ ගුරු පත්වීමක් ලබා පළමුව සේවයට වාර්තා කළ දිගාමඬුල්ල ප්‍රදේශයේ පාසලේ අභිවෘද්ධියට කටයුතු කළ කාලයේත් රසවත් සිද්ධි දාමයක් මෙහි ඇතුළත් වේ.

පසු වදනින් (අත්තනායක එම්. හේරත් මහතාගෙන්):

ගුණශීල අඹවත්ත මහතා ලියූ දිගාමඬුලු ගුරුගීතය කියනවන තෙක් ම, මා කියැවූ ගුරුවරයෙකු පිළිබඳව ලියැවුණු හොඳ ම පොත වූයේ, රුසියන් මහා ගත්කරු චින්ගීස් අයිත්මාතව් ලියූ ගුරුගීතයයි. මාගේ පමණක් නොව හැත්තෑව දශකයේ පටන් මෙරට බොහෝ පාඨකයින්ගේ වීරයා වූයේ, සදාදරණීය ගුරුවරයා වන දුයිෂෙන් සහ ආදරණීය ශිෂ්‍යාව වන අල්තීනායී ය.

සෑම ගුරුවරයෙකුට ම රජයේ වියදමින් මුද්‍රණය කොට බෙදා දියයුතු මා හැඟි කෘතියක් ලෙස මෙය නම්කරන්නට පුළුවන.







Related Posts Plugin for WordPress, Blogger...