|
ආරම්භක ඡෙදය - (ඔවුන්) ඔහු මරන්නට යන දා උදෑසන සන්තියාගෝ නසාර් අවදි වූයේ පහයි තිහට ය.ඒ,
එදා බෝට්ටුවකින් නගරය වෙත ඒමට නියමිත ව සිටි අගරදගුරු තුමා දැක ගැනීමට ය.
මුදු පොද වැස්සක් ඇද හැලෙද්දී සුවිසල් ගසින් හෙබි අරඹක් හරහා තමා ඇවිද එනු
ඔහු එදා ? සිහිනෙන් දුටුවේ ය. එක මොහොතකට ඒ සිහිනය තුළ ඔහු පී‍්‍රතියෙන්
පිනා ගියේ ය. එහෙත් අවදි වු සැණින් ඔහුට දැනුණේ කුරුල්ලන්ගේ මළ මුත‍්‍රයෙන්
සිය ඇඟ නැහැවී ඇති සෙයකි. ‘එයා නිතරම ගස් ගැන හීන දකිනවා’ යි ඔහුගේ මව
ප්ලිසිදා ලිනේරෝ ඒ අප‍්‍රසන්න සඳුදාව ගැන සිහිපත් කරමින් ඊට වසර විසි පහකට
පසු දිනෙක මට කීවා ය. ‘ඊට සුමානෙකට කලින් පුතා හිනයක් දැක්කා. තුනී බෙලෙක්
තහඩුවලින් හදාපු අහස් යාත‍්‍රාවක තනියම නැගිලා කොට්ටම්බා ගස් මැද්දෙන්
පියාඹනවා කිසිම දේක හැප්පෙන්නේවත් නැතිව.’ මව තවදුරටත් කීවා ය.අනුන්ගේ
සිහිනවල පලාපල නිවැරදි ව කියන තැනැත්තියක් සේ ඇය ඉතා ප‍්‍රකට ය. එහෙත් ඈට
එසේ කළ හැකි වන්නේ සිහින ගැන කෑමට පෙර පැවසුවොත් පමණ ය. කෙසේවෙතත් තමන්ගේ ම
පුතා දුටු ඉහත කී සිහින දෙකෙන්වත්, ඔහුගේ මරණයට කලින් ඔහුඈට කියා තිබූ ගස්
පිළිබඳ වෙනත් සිහිනයන්ගෙන්වත් කිසි අනිටු පෙර නිමිත්තක් දැකීමට ඈට නොහැකි
විය. |
No comments:
Post a Comment