Friday, October 3, 2014

සියවසක් පවත්නා දවස

කතෘ : චිංගීස් අයිත්මාතෙව්
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
මිල : රු. 600.00
ISBN : 978 955 1559 48 9
පිටු : 495

මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්, නිම්හිම් නැති අභ්‍යාවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ඨ නවකථාව ඉතිහාසය හා පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාද් දෙවන ලොක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය ස්ථානයක සේවය කල වැසියන් පිරිසකගේ ජීවන අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක දෘෂ්ටියකි. එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශයේ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ සංස්කෘතික හා හර පද්ධතින් සජිවි ලෙස ගෙනහැර පානා අතිශය සංවේදී නිර්මාණයකි. (පොතේ විධියටම)

නියමම පොතක්, බියුරාන්නි යෙදිගෙව්, බියුරාන්නි කාරානර් මා සන්තානයේ සදාකල්ම ජිවත් වෙයි, (බියුරාන්නි කියන්නේ හිමකුණාටුව) මැන්කට්වරයෙකු තෑනීම කෙතරම් අමානුෂිකද? (මම නෙට් එටකත් මැන්කර්ට්ලා ගැන හෙව්වා) අයිත්මාතෙව්ගේ අතිශය මානූෂිකවාදී සානුකම්පිත දෘෂ්ටිය ගුල්සාරි පිලිබ‍ඳ ආවර්ජනයේදී මෙන්ම බියුරාන්නි කාරානර් ගැන ආවර්ජනයේදීත් මැනැවින් දෘෂ්‍යයමාන වෙයි. ගුල්සාරි අශ්වයෙකි. බියුරාන්නි කාරානර් ඔටුවෙකි. මධ්‍ය ආසියානු ජනජිවිතය එඬෙර ජිවිතය තුළ කෙතරම් එරී පවතීද යන්න (ආර්යයන් දකුණට සංක්‍රමණය වීමේ සිට) පිලිබිඹු වෙයි. ආරම්භයේදී කොම්සමල්වරයෙකු ලෙස සිට කිර්ගීසියාවේ ජනාධිපති ලෙස මියයන තෙක් අයිත්මාතෙව් විප්ලවය තුළ ජිවත් වීමත්, ස්ටාර්ලින් පාලන සමය තුළ සෝවියට් පාළනය සියුම්ව විවේචනය කිරීමත් මෙහිදි දැක්ක හැක. චිත්තරූප මැවෙන ලෙස මානයන් දෙකක් තුළ සිදුවන කථා දෙකක් දක්වා ඇති අතර, කථානායකයාගේ කථාව ආවර්ජනාත්මක රීතියකින් රචනා කර ඇත. කියවලා බලන්න නියමම පොතක් 


අරණකට පෙම්බැඳ

කතෘ : විභුතිභූෂණ බන්ද්‍යොපාධ්‍යය 
පරිවර්තනය : චින්තා ලක්ෂ්මී සිංහාරච්චි
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු. 350.00
ISBN : 955 96254 2 X 
පිටු : 274

[විභුතිභූෂණ  තරම් අව්‍යජ ලෙසත් චිත්තාකර්ෂණීය ලෙසත්, සභාවික පරිසරය ගැන විස්තර කල වෙනත් ලෙඛකයෙකු නොමැති බව එරට විද්වත්හු පිලිගනිති. මේ ග්‍රන්ථය රචනා කර ඇත්තේ 1937 සිට 1939 දක්වා වූ කාල සීමාව තුළය. මෙයට පසුබිම වී ඇත්තේ ඉන්දියවේ බිහාර් ප්‍රාන්ත්‍රය‍ේ භගල්පූර්හි පිහිටි වනගත වතුයායකි. බුදුන් වහන්සේ වැඩසිටි බුද්ධගයාවට ආසන්න ප්‍රද‍ේශයක් බව කියයුතුය. මෙහි සඳහන් වන විවිධ චරිත අතර වන රැජිනට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. තාරාදාස් ඛනද්‍යොපාධ්‍යාය මෙය හදුන්වන්නේ ශාන්ත පරිසරයකදී ඇසෙන විලම්භ ලයකින් වාදනය වන, වස්දඬුවක මිහිරි ස්වර මාලාවක් ලෙසිනි. 

මිනිසා හා පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින් ද ලගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යෙයන් වර්ණිතය. 

ප.ලි. - (ආයි මොකටද මම හදලා කියන්නේ. පොතේ තියන විධියටම ලිව්වා. ලොවෙත් සුපිරිම පොතක් එකෙන්ම )

බත්තලංගුණ්ඩුව

කතෘ : මංජුල වෙඩිවර්ධන
පරිවර්තනය :
ප්‍රකාශනය : සම ප්‍රකාශනය
මිල : රු. 450.00
ISBN : 978 955 44694 4 0
පිටු : 280

මේ නවකථාව කියවීමෙන් මම විශාල ආස්වාදයක් ලැබුවා. සැබවින්ම අපේ සිංහල නවකථාව ගැන මගේ තියෙන්නේ පුසාදජනක හැගීමක් නොවෙයි. අවුරුදු තිහ හතළිහක කාලයකදී වුනත් විදේශිය නවකථා සමග සංසන්ධනාත්මකව ගත්තොත් උසස් නවකථාවක් සිංහලෙන් ලියවිලා තියනවද කියන ප්‍රශ්නය මට මතුවෙනවා. එහෙම තත්ත්වයක් තුළ මේ බත්තලංගුණ්ඩුව නවකථෘව කියවන්නට ලැබුනට පස්සේ මට විශාල ආස්වාදයක් ලැබුණා. ඒ වගේම පුද්ගලිකය ඔබ මගේ මැනීම විමසුවොත් මම කියනවා මෑත කාලයදී හොඳම නවකථාව බත්තලංගුණ්ඩුව කියලා
- ජයතිලක කම්මැල්ලවීර -

මංජුල ෙවඩිවර්ධන තමන්ගේ නිර්මාණ ජිවිතයේ පළමු මුරගල කරගන්නේ කවියයි. කවියකු ලෙස සිය ශක්‍යතා වර්ධනය කරගන්නා හෙතෙම මාධ්‍යෙව්දියෙකු ලෙස තමන්ගේ අභ්‍යාස සමය යොදාගන්න‍ේ ව්‍යුත්පත්තිය වැඩිදියුණු කරගන්නටය. අත්දැකිමෙන්, අත්විඳිමෙන් මෙන්ම විවිධ සංජානන ඇසුරේ මංජුල කලාකරුවකු ලෙස පරිනත වෙයි. බත්තලංගුණ්ඩුව මේ නවකථාව කලාව භාවිතයේ මියුරු මහර්ඝ ඵලයක් බවට පත්වන්නේ ඔහු සාධනය කරගන්නා එකී සම්පත් හේතුවෙනි. 
- රත්න ශුී විජේසිංහ - 

ලේඛකයෙකුගේ පළමු නවකථාව බත්තලංගුණ්ඩුව තරම් විශිෂ්ඨ නවකථාවක් වන්නේ කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකථාවක් කියවන්නට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. 
- ආචාර්ය ලියනගේ අමරකීර්ති - 

පොත ගැන මේ ඇත්තෝ මෙහෙම ලියලා තියෙද්දි අහිංසක මම මොනවා කියන්නද? වෙඩිවර්ධනගේ මේ පොත ඉතින් වෙඩි වගේ තමා

Thursday, October 2, 2014

සමුදෙන්න මාග‍ේ රිදීදෝලිය

කතෘ : ලිලියන් ලී
පරිවර්තනය : ස්වර්ණ කාන්ති රාජපක්ෂ
ප්‍රකාශනය  : විදර්ශන ප්‍රකාශකයෝ
මිල  : රු. 350 
ISBN : 977 955 1599 13 7 
පිටු : 247

වෙසඟනන්ට හදවත් නැත. නළුවන්ට සදාචාරයක් නැත. ලෝකයා කියන්නේ මෙලෙසය. අබිසරුලිය සයනයට වැද බොරු රැඟුම් මවා පෙන්වන්නීය. නළුවකු වේදිකාව මත හැසිරෙන්නේ උතුම් ගතිතුණ හා චර්යාවන්ගේ සංකේතයක් ලෙසිනි. ඔවුන් වෙතින් ප්‍රකාශ වන ආශාවන් අපගේ එදිනෙදා ඒකාකාරි වූ ජිවිතයේ දුර්වර්ණයන් බඳු නොවෙයි. ඒවා ඉතා විචිත්‍රය. පැහැබරය.

මෙය ඔපෙරාවක් පමණි. නළුවෝ මරණය රඟ දක්වති. තිරය වැසෙයි. අවසානයේ දෙදෙනාම ඉවත්ව යති. එක් නළුවෙක් අනෙකාට තදින් පෙම් කරයි. සැබවින්ම ඔවුන්ගේ කථාව එතඑම් සරළ නැත. එක් පිරිමියෙකු තවෙකෙකුට තදින් පෙම් කරන්නේ නම් එය සරළ වන්නේ නැත. (පොාත් හැටියටම)

1993 කැන්ස් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටියට හිමි සම්මානය සමුදෙන්න මගේ රිදීදෝලිය ට හිමිවිය. වසය අවුරුදු 09දි පීකිං ඔපෙරායට බාරදෙන ඔතෑනි පිරිමි ළමයෙකු තම ළමා කාලයම වේදිකාවේ කථා නායිකාවගේ චරිතය රග දැක්වීම හුරුවීමට කැපකරණ අතර, වැඩිහිටි ජිවිත කාලයම පුරා කථානායිකාවගේ චරිතය වේදිකාව මත දිගහරියි. ළමා කාලය අවසන් වන විට පිරිමි ළමයා සිතුම් පැතුම් හා හදවතින් ස්ත්‍රියක වේ. වේදිකාවේ කථානායකයාට අසීමිතව ප්‍රේම කිරීමත්, ඔහුගේ ගණිකා භාර්යාවට ඊර්ෂ්‍යා කිරීමත් සමකාලීන චීන දේශපාලන පසුබිමත් පදනම් කරගෙන කථාව නිර්මාණය වී ඇත. 


සැන්තියාගෝ නම් සැරිසරන්නා

කතෘ : පාවුලෝ කොය්යෝ
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
මිල : රු. 380
ISBN : 955 8033 59 6
පිටු : 210

නැවත නැවත දකින සිහිනයක් අනුව යමින් සිය ඉරනම ලුහුබැඳ යන එඬෙර කොල්ලෙකුගේ පුවතක ආකාරයෙන් දිග හැරෙන මෙම කථාව මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගලාගියද එය අපේ ජිවිතය වඩ වඩාත් පුළුල් කරලීමේ සමත් අපූර්ව අරුත් දක්වන නිර්මාණයකි. සිහින ලිහිබැඳයාමේ අසිරිය ඇතුළු හඳට සවන්දීමේ වැදගත්කම මෙන්ම දිවිමගෙහි හමුවන දහසකුත් එකක් නිමිති වටහා ගැනීමේ වැදගත්කම මෙමගින් අපූරුවට විදහා දැක්වෙයි.

ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත ස‍්හන් කරණ අාකාරයට පාඨකයන්ගේ ජිවිතය සදහටම වෙනස් කිරීමෙහි සමත් කෘතියක් දශක කිහිපයකට වරක් පළවෙයි. කොය්යෝගේ අග්‍ර කෘතිය වන The Alchemist නම් මේ කෘතිය එවැනි ගුණයකින් හෙබි කෘතියකි. නූතන සම්භාව්‍ය කෘතියක් ලෙස මේ වනවිට අවිව‍ාදයෙන්ම මෙම පිලිගනු ලබයි. ලොව පුරා මේ වනවිට මිලියන 30 ඉක්මවා අලෙවි වී ඇති මෙම කෘතිය මායාව, යථාර්තය, දාර්ශනිකත්වය, ත්‍රාෙසා්න්මාදය, වීරත්වය, ප්‍රේමය යනාදි කොය්යෝගේ ලේඛන සළකුණ මනාව පිලිබිඹු කරයි. (පොතේ තියන විධියටම) 

Wednesday, October 1, 2014

ගෝරා

කතෘ : රවීන්ද්‍රනාථ ඨාකූර්
පරිවර්තනය : චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු. 550
ISBN : 955 652- 042 2
පිටු : 533


මෙම නවකථාව නිසැක වශයෙන්ම තාගෝරයන්ගේ හො‍ඳම නවකථාවයි. හින්දු බ්‍රහ්මණ පවුලක හැදුණු ඉංග්‍රීසි ජාතික තරුණයෙකු හින්දු සමාජයේ මාලන් කෙනෙකු ලෙස ජිවත්වීමත් ඉන්දීය කුල ක්‍රමය අතික්‍රමණය කිරීමට යාමත් වටා ගෙතුණු ග්‍රන්ථයකි. 

ගෝරා යනු හින්දි භාෂාවේ ධවල යන අර්ථය දනවන අතර 20 වන සියවසේ මුල් කාලීන භාරතීය සමාජ සංස්කෘතිය මෙම නවකථාවට පදනම් වී අැති අතර 1908 - 1910 අතර කාලයේ ඉන්දීය සඟරාවක් තුළ මෙය කොටස් වශයෙන් පළවී ඇත.


සමුගනිමු ගුල්සාරී

කතෘ : චිංගීස් අයිත්මාතොව්
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : විදර්ශන පොත්
මිල :  රු. 350.00  
ISBN : 955 8033 46 4
පිටු : 262

සෝවියට් පාලන සමය තුළ බිහිවූ නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ඨතම ගණයේලා සැළකෙන ලේඛකයෙකු ලෙස චිංගීස් අයිත්මාවෙව් අවිවාදයෙන්ම පිලිගනු ලබයි.


සමුගනිමු ගුල්සාරී නම් මේ නවකථාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂි නවකථාවක් සේ සළකනු ලබයි. මිනිසෙකු හා අශ්වයෙකු අතර ඇතිවන අපූර්ව සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකථාව අලීම් කෙෂෝකෝව් නමැති දගෙස්තාන් ලේඛනයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංග්වේගේ මහල්ලා සහ මහමුහුද හා සමවන කෘතියක් ලෙසිනි.  (පොතේ තියන විධියමට)

(සමීර ප්‍රකාශකයෝ විසින් රු. 425 කට මේ පොත එච්.ජයරත්න කියලා කෙනෙක් පරිවර්තනය කරලා තියනවා මේ පාර පොත්  ප්‍රදර්ශනයේදි දැක්කා.)

Related Posts Plugin for WordPress, Blogger...